ධම්මපදය - මග්ග වග්ගය
යෝගා වෙ ජායතී භූරි,
අයෝගා භූරිසංඛයෝ
ඒතං දේවධාපථං ඤත්වා
භවාය විභවාය ච
තථත්ථානං නිවෙසෙය්ය
යථාභූරි පවඩ්ඪති
භාවනා කිරීමෙන් නුවණ උපදී හෙවත් වැඩේ. භාවනාවෙහි නො යෙදීමෙන් නුවණ පිරිහේ. අභිවෘද්ධිය හා අනභිවෘද්ධිය පිණිස පවත්නා මේ දෙමංසන්ධිය (කරුණු දෙක) දැනගෙන නුවණ වැඩෙන ආකාරයෙන් තමාගේ සිත පිහිටුවා ගත යුතු යි.