ධම්මපදය - මල වග්ගය
අසජ්ඣායමලා මන්තා
අනුට්ඨානමලා ඝරා
මලං වණ්ණස්ස කොසජ්ජං
පමාදෝ රක්ඛතෝ මලං
මන්ත්ර ආදී කට පාඩම් කළ දේ (නැවත නැවත පාඩම් නො කිරීමෙන් සිහි නැති වෙන බැවින්) නො හැදෑරීම කිලූටු කොට ඇත්තා හ. ප්රතිසංස්කරණය නො කිරීමෙන් ගෙවල් කිලූටු බව ට පත් වෙති. කුසීත බව ශරීර වර්ණයට කිලූටකි. වතුපිටි ආදියක් හෝ ශීලාදියක් රක්නහුට (ඒ ගැන නො සලකා) ප්රමාද වීම කිලූටකි.