බුද්ධ රශ්මි: ඔබත් ධර්මය සොරකමි කරනවාදැයි බලන්න.
බුද්ධ රශ්මිPrintfriendly'ධර්මය සොරකමි කිරිම,
මාර පාර්ශවය,
සමාජීයඔබත් ධර්මය සොරකමි කරනවාදැයි බලන්න.ප්‍රිය
මිතුරනේ, කලෙකින් ලිපියක් සමිපාදනය කරන්නේ, අනන්ත වූ පිරිසකගේ යහපත හා අපා දුක්
නැති කරනු පිණිසය. මෙම ලිපිය ඔබත් කියවන්න. එසේම ඔබේ මිතුරන් අතර බෙදා හරින්න. එසේ
බෙදා හැරිය යුත්තේ කෙසේද යන කාරණාව මෙම ලිපිය කියවා අවසන ඔබම තීරණය කරන්න.භාග්‍යවත් බුදු
රජාණන් වහන්සේලා කල්ප අසංඛ්‍ය ගනන් කාලයක් පුරාවට සංසාර දුක්ඛයන් අනුභව කොට,
බුද්ධත්වය ලබා ගනිති. ඒ ආශ්චර්යමත් උතුමන් වහන්සේලා බුද්ධත්වයට පත්වනුයේසතර මාර්ගය, සතර ඵලය, නිර්වාණය සංඛ්‍යාත
නවලෝකොත්තර ධර්මයත්, ඒ සඳහා ඇවැසි වන්නාවූ චතුරාර්ය සත්‍ය, පටිචිච සමුප්පාදය ඇතුලු
බුදුවරයාණන් වහන්ස්ලාම පමණක් පසක් කරගන්නා ධර්මයන් ලොවට පසක් කර දීමටය.ත්‍රිපිටක
ධර්මය වශයෙන් අද අප භුක්ති විදිනුයේ පරිභෝග කරනුයේ, භාවිතා කරනුයේ කකුසඳ, කෝනාගමන,
කාශ්‍යප යන බුදුඋතුමන් වහන්සේලාගේ ධර්මයන් නොව ගෞතම සමිබුද්ධ රාජොත්තමයාණන් වහන්සේ
සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පිරීමෙන් අවභෝධ කර, ලොවට ඇති සෙයින් පැවසූ
ධර්මස්කන්ධයයි. එබැවින් ඒ ධර්මයේ මූලය නැතහොත් උපත එසේත් නැතහොත් හිමිකරුවා වන්නේ
ගෞතම සමිබුදු රජාණන්වහන්සේයි. උන්වහන්සේ විසින් ම එම ධර්මය ප්රත්යක්ෂ කල බැවින්
හා වෙන කිසිවකුගෙන් අසා දැන නොගත් බැවින් ද එම ධර්මය දේශනා කර සත්ත්වයින් සසරෙන්
ගලවන බැවින් ද, අපි ගෞතම බුදුපියාණන්වහන්සේට වන්දනා කරමු. අන් බුදු වරයාණන්
වහන්සේලා ගැන විස්තර අපට දැනගන්නට ලැබුනේද අප ගෞතම බුදු පියාණන් වහන්සේ ප්රත්යක්ෂ
කල අවභෝධය තුලින් බැවින් මෙම ධර්මයේ හිමිකරුවා වන්නේ උන්වහන්සේය. එබැවින් අපි එම
ධර්මය ගෞතම බුදු පියානන් වහන්සේ අවභෝධ කල ධර්මය යැයි කියනු ලැබේ.එම ධර්මය
උන්වහන්සේ රුගෙන ගියේ නැත. උන්වහන්සේ ධර්මය සංසාර සාගරයෙන් එතෙර වීමටපහුරක් මෙන් භාවිතා කර අන්‍යන්ට ද එතෙරවීමට
හැරදමා යන ලදි. නමුත් ඒ පහුර ඔබේ පහුරක් නොවේ. එය ගෞතම බුදු සමිදු සාදා දුන්
පහුරයි. එම පහුරේ නැගි හබල් ගානා පහසු ක්‍රම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි.
යමෙක් යමි ක්‍රමයක් සොයාගත් විට එම ක්රමයේ හිමිකරු වන්නේ ඔහුය.මජ්ජිම නිකාය
ආදී නිකාය සංග්රහයන්ගේ ශ්‍රාවක භාෂිත බොහෝමයක් අන්තර්ගතව ඇත. භාග්‍යවතුන් වහන්සේ
ලඝුව, සරලව දේශානා කරන ලද ධර්මය බුද්ධ ශ්රාවකයානන් වහන්සේලා විසින් විස්තරාත්මකව
ඔවුන්ගේ අවභෝධයේ පමණට දේශනා කල පසු ඒවා ශ්‍රාවක භාෂිත ලෙස ත්‍රිපිටකයේ අන්තර්ගතව
ඇත. එවිට එම විස්තරාත්මක ශ්‍රාවක භාශිතය ඒ ශ්‍රාවකයාගේ භාෂිතය වනු මිස, එයට බුද්ධ
භාශිතයක් යැයි කියනු නොලැබේ. (භාග්‍යවතුන් වහස්සේ එය අපරානුමතික කල විට බුද්ධ
භාශිතයක් ලෙසම ගනන් ගැනේ.) එබැවින් එහි අයිති කරු වන්නෙ ඔහුය.උදාහරණ ලෙසඛුද්දක නිකාය පටිසමිභිදාමග්ගය සාරිපුත්ත
මහරහතුන්වහන්සේගේ භාශිතයකි. එය බුද්ධ දේශනාවට අනූරූපව උන්වහන්සේ ලද අවභෝධය ප්‍රකාරව
බුද්ධ දේශනාව ප්රකාශකල ආකාරයයි. එවිට එහි අයිතිකරු වන්නේ උන්වහන්සේය. යමෙක්
සාරිපුත්ත රහතුන් වහන්සේගේ භාශිතය ගෙන එය බුද්ධ භාශිතයක් හෝ වෙනත් අයෙකුගේ
භාශිතයක් හෝ තමාගේ භාශිතයක් යැයි කියයි නමි එහි වරදක් ඇත. වරදවා දැක්වීමක් ඇත. ලෝකයා
නොමඟ යැවීමක් එහි ඇත. තමා තුල නැති අවභෝධයක් තමා සතු යැයි පෙන්වීමට උත්සුක වීමක්
එහි ඇත. එසේම අන්යන් වංචා කිරිමක් රුවටීමක් එහි ඇත. සැරියුත් රහතුන් වහන්සේගේ
කාලය, ශ්‍රමය ආදියට ඇති අගය නැති කිරීමක් එහි ඇත. උන්වහන්සේට ලැබිය යුතු ප්‍රශංසාවක්
වේ නමි එය අනිසි ලෙස තමා වෙත ලැබෙන්නට සලස්වා ගැනීම හෝ වෙන අයෙකුට ලබා දීමක් හෝ
උන්වහන්සේගේ ලාභය නැති කිරිමක් එහි ඇත. උන් වහන්සේ යමි පරමාර්ථයක් ඇතිව එම ධර්මය
කියා තැබුවේද ඒ පරමාර්ථය වෙනත් අයෙකු විසින් සුන් කර දැමීමක් එහි ඇත. මේ කරුණු
දැක්වූයේ වෙනත් අයෙකුගේ ධර්මයක්, තවත් අයෙකු තමාගේ ධර්මයක් වශයෙන් හුවා දැක්වීමෙන්
වන්නාවූ ප්‍රථිපලයන්ය. මේවා ඒකාන්ත වශයෙන් මහා අකුසල කර්මයන් මෙන්ම නියත අපාගාමී
අකුසල කර්මයන්ම වනු ඇත.දෙවන කරුණ
වන්නේ මෙයයි.වෙනත් අයෙකු
විසින් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය යමි ආකාරයකට සමිපාදය කෙරේ නමි එසේ කරනුයේ
තමාගේ, කාලය, ශ්‍රමය ආදිය වැය කරමිනි. එයින් ඔහු අපේක්ෂා කරන්නාවූ යමක් ද තිබිය
හැක. යමි අවස්ථාවක දී වෙනත් අයෙක් ඔහු විසින් සමිපාදනය කල එම ධර්මය ගෙන තමා
විසින් සමිපාදනය කරන ලද්දක් ලෙස පල කරනා අවස්ථාවේ දී මේ ක්‍රියාවලිය සිදු නොවන්නෙ
දැයි බලන්න.අන් වස්තුවක්
වීමය.
අන් සතු වස්තුවක්
බව දැනීමය
අන් වස්තුව
සොරා ගැනීමට සිත් වීමය
එම වස්තුව
පැහැර ගැණිමට උපක්‍රම යෙදීමය
අන් වස්තුව
සොරකමි කිරිමය.මෙම කරුණු 05
සමිපුර්ණ කරන්නා අකුසල කර්ම පථය සමිපුර්ණ කොට, ලොභය හෝ ද්වේශය හෝ මොහය මූලිකව
අදින්නාදානා අකුසල කරමය කර ගනු ලබයි.අන් වස්තුවක්
වීමය.වෙනත් අයෙකු
විසින් සමිපාදනය කරනු ලැබුවා වූ ලිපියක් හෝ වෙනත් කිනමි හෝ ධර්ම කරුණක්, ඔහු සකස්
කරනුයේ බුද්ධ දේශනයට අනුකූලව තමාගේ කාලය, ශ්‍රමය, ධනය ආදිය වැය කරමිනි. එසේ සකස්
කල පසු එයත් ධර්ම රත්නයටම අයත් වන නමුත් එහි අත්තේ පුද්ගලානුබද්ධ අවභෝධයකි. එනමි
ඔහුගේ අනන්‍ය අවභෝධයට අනුව බුද්ධ භාෂිතය අර්ථ දැක්වීමකි. එබැවින් එය අනන්‍ය වූත්
ඔහුගේම වස්තුවකි. උදාහරණයක් ලෙස පටිසමිභිදාමග්ගය සැරියුත් රහතුන්වහන්සේගේ දේශනයක්
වීම ත් භාග්‍යවතුන් වහන්සේගේ දේශනයක් නොවිමත් එයට සමාණය.අන් සතු
වස්තුවක් බව දැනීමයයමෙක් ධර්මය
යමි තැනකින් ගන්නා විට එය තමා විසින් සමිපාදනය නොකරන ලද්දක් නමි, එය තමාගේ නොවන
බවට වන දැනුම ඔහු සතුය. යමෙක්ට එය අන්වස්තුවක් බවට පැහැදිලි දැනීමක් නැතිනමි එය
උපුටා නොගත යුතුය. අවිනිශ්චිතව ලබාගන්නා දෙය දැනුම සහිතවම කරන ලද්දක් සේ සලකනු
ලැබේ. විනයේ නමි අවිනිස්චිතව දේ නොගත යුතු අතර එසේ ගත් විට ඇවැත් වේ.අන් වස්තුව
සොරා ගැනීමට සිත් වීමයඅන් අයෙකු
සමිපාදනය කල ලිපියක් හෝ ධර්ම විවරණයක් තවත් අයෙක් ගන්නා විට එහි අයිති කරු කවරෙක්
දැයි තමා සඳහන් නොකරන්නේ නමි එහි සොර සිත ඇත. නැතහොත් එහි වසං කරන්නට දෙයක් නැති අතර
ගත්තේ කොහෙන්දැයි ලොකු අකුරෙන්ම දැක්වීමට ඔහුට සිත් විය යුතුය. ලිපිය උපුටා ගත්තේ
මෙතෙනිනැයි යන්න සඟවා දැක්වීම තුලද සොර සිතක් ඇත. එබැවින් එය ද අකුසල කර්ම පථයේ
පියවර සමිපුර්ණ කරයි. අන් කරුණක් වන්නේ වෙනත් අයෙකු සමිපාදනය කරන ලද්දක් තවත්
අයෙක් ලබා ගනුයේ එසේ ගැනීමට සිත උපන් හෙයිනි. නැතහොත් එම ක්‍රියාව සිදු නොවේ. එහි
දී ඔබේ චේතනාව කර්මය බවට පත්වනු ඇත.එම වස්තුව
පැහැර ගැණිමට උපක්‍රම යෙදීමයඅන්තර් ජාලයේ
හෝ වෙත් මාධ්‍යක ඇති ධර්ම කරුණක් කතෘ නොවන වෙනත් අයකු ලබා ගන්නා විට කොපි-පේස්ටි
කිරිම, සැකසීම, පල කිරිම ආදී වශයෙන් සිදුවන්නාවූ ක්‍රියාවලිය උපක්‍රම යෙදීමයි.අන් වස්තුව
සොරකමි කිරිමය.එසේ පල කල පසු
කර්ම පථය සමිපුර්ණ වී අකුසල කර්මය සිදු වන්නේය.බලන්න නිර්වාණය
සාක්සාත් කර ගන්නට කියා ඔබ කරගෙන ඇත්තේ අකුසල කර්මයක් නොවේද? මෙම අකුසල කර්මයේ
තරමත් විවිධාකාර වනු ඇත. ගුණ මහත්වයෙන් වැඩි අයෙකුගෙන් කරන ලද සොරකමක් ගුණ
මහත්වයෙන් අඩු අයෙකුගෙන් කරන ලද සොරකමකට වඩා ප්රබලය, සමහර විට දිටිඨ ධමිමවේදනීය
අකුසල කර්ම ඇතිවිමට තරමි ප්‍රභලය. ඔබ යමෙකුගේ ලිපි වැරදි සහගතව මොහයෙන් උපුටනවා
විය හැක. නමුත් ඔබ ඔවුන් කුමන ගුණයන්ගෙන් යුතු දැයි කියා නොදනියි. එබැවින් කරගන්නා
අකුසල කර්මයේ තරමද හිතගත නොහැකි එකකි.සොරකමේ විපාක
වශයෙන් ධර්මයේ මෙළොව නොයෙක් දුක් කරදර, නින්දා, අපහාස, වධ විඳීමට සිදු වීමත්, එම
අකුසලානු භාවයෙන් ඉතා දිර්ඝ කාලයක් සතර අපා දුක් විඳීමට සිදුවීමත් යමි විටක
මිනිසත් බව ලැබු විට ඉතා අසරණ දුගී භාවයට පත්වීමත් සිදුවන බව පහදා දී ඇත. මෙය
මානසික අංගයෙන්ද සලකා බැලිය යුතුය.පෙනෙනවාද ඔබ
කරගන්නා අකුසල කර්මයේ තරම. ධර්මය බෙදා හරින්නේ යැයි කියමින් බොහෝ පිරිසක් කරගනුයේ
තමා විසින්ම තමාව අපාගත කර ගැනීමයි. මෙසේ ඔබ විසින් අන්‍යන්ගේ උපුටා සොර සිතින් පල
කරනා ලිපියක් ලිපියක් පාසා, වචනයක් වචනයක් පසා ඔබපුද්ගලයන් නොමඟ යැවිම සිදු කරයි. ඔවුන් සිතනුයේ එය ඔබේ අවභෝධයක් කියාය. ඔබ
එහි දී පුද්ගලයන් රවටාද අකුසල කර්ම රුස් කර ගනියි. එසේම අන්යන් ඒ ලිපි සඳහා ප්‍රතිචාර
(කමෙන්ටි) දක්වන විට ඔබ වෙනත් අයෙකු ලැබිට යුතු ලාභයක් ප්‍රශංසාවක් වංචාකොට ලැබීම
තුලින් ද අකුසල කර්ම රුස් කර ගනියි. එසේම තවත් අයෙකු විසින් සමහර විට අතිශය
අපහසුතා මැද අතීශය භාධක මැද ලියා තැබුවකට ලැබිය යුතු වටිනා කම නැතිකර දෑමිමේ අකුසල
කර්මයද කරනු ලබයි. යමෙක් එම ලිපිය ලියුවේ යමි අරමුණක් මතද ඔබ එම ලිපිය වෙනත්
ස්ථානයක වෙනත් අරමුණකින් පලකිරිමෙන් ඒ අරමුණ ශුණ්යකර දමා එයින්ද අකුසල කර්ම රැස්
කර ගනියි.ප්‍රිය
මිතුරනේ. මෙවන් ඔබ සුගතිගාමී වෙයිද? ධර්ම දානය සියළු දානයන් පරයයි. ධර්මය දෙන්නා
අමෘතය දෙන්නෙක් වෙයි. එසේනමි එහි විලොමය ද සත්‍ය වන්නේය. ධර්මය සොරකම සියළු සොරකමි
පරයයි. ධර්මය සොරකමි කරන්නා අමෘතය සොරකමි කරයි. ඉතිං එවන් ඔබට කිනමි නිවනක්ද?ධර්මය
බෙදාහැරිම තුලින් කුසල කර්මයක් කරගත හැක්කේ කෙසේද?ධර්මය බෙදා
හැරිම තුලින් කෙනෙක්ට මහා කුසල කර්මයක් ද කරගත හැක. එය කල හැක්කේ මෙසේය.පළමුව තමා බෙදා
හැරිමට සූදානමි වන ධර්ම කරුණ හොදින් කියවා තේරුමි ගන්න. එය අවබෝධ කර ගන්න. එම
කුසලය අනුමෝදනා වන්න.දෙවනුව ලිපිය
පලකිරිමට පෙර, ලිපිය උපුටාගත් ස්ථානයත් උපුටාගත්තේ කාගෙන්ද යන්නත් පැහැදිලිව මුවග
නොවන පරිදි ප්‍රදර්ශනය වන පරිදි පල කරන්න.
ඔබට යමි ලිපි
උපුටා ගැනිමට අවසර දී ඇත්නමි ඒ අවසරය පළමුව සඳහන් කරන්න. නැතහොත් ඒ අවසර ලිපිය පල
කරන්න.
ලිපියෙ
අන්තර්තය වෙනස් නොකරන්න. නමුත් වියරණ දෝශ ආදිය ඇතිනමි නිවැරදි කිරිමෙන් වඩාත්
කුසලයක් අත්කර ගත හැක.
ලිපිය පල
කිරීමෙන් පසු තමා එසේ ලිපියක් උපුටා පල කල බව කතෘ වෙත දැනුම් දිමෙන් එයින් කුසලය
වර්ධනය කරගත හැකි සේම තමාගේ නිර්දෝශි බවත් වර්ධනය වේ.මෙ ආකාරය හැර
ලිපි උපුටා පල කරනා සියල්ලොම පළමුව තමාව රවටා ගනිති. දෙවනුව ලොකයා රවටති. තෙවනුව
අපාය ගාමි මහා අකුසල කර්මයක් කර ගනිති. සිවිවනුව නිර්වාණයෙන් ගවි ගනනක් ඈතට විසිවි
යති. පස් වෙනුව නීතිය ඉදිරියේ ද වරදක් කරති.මේ කරුණු
ස්වල්පය ලියා තැබුයේ බොහෝ දෙනා කෙරේ අතිශය අනුකමිපාවෙනි. නුවනැත්තෝ ඒ අනුව
පිළිපදිත්වා. මාරපාරශවික ධර්මයන් ප්‍රබල වූ මෙවන් වකවානුවක තවත් බොහෝ පිරිස් අපායෙන්
ගලවා ගනිත්වා. මාර බල වේගයන්ගෙන් මිදෙත්වා!!! නිර්වාණම වෙත්වා. මාගේ ඒකායන ප්‍රාර්ථනය
වන්නේ එයයි.මෙත් සිතිනි.නීතිඥ තනූජ කේ.
ජයසුන්දර.Posted by
Thanuja Jayasundaraat
Sunday, November 04, 20125
අදහස් හා විමසීමි:w a thilak
said...ඔබ පැවසියයුතු දෙය නිරහංකාරව සංයමයෙන් යුතුව පවසා ඇත.කියවා අවබොධකරගත් අයෙකුට ධර්මප්‍රචාරය තුලින්ම මහත් කුසලයක් අත්පත්කර ගත හැක.November 4, 2012 at 3:53 PMHood
said...මම මේ ලිපිය එළකිරියෙ පළ කරන්නද?December 7, 2012 at 9:57 PMThanuja Jayasundara
said...තෙරුවන් සරණයි!පල කරන්න. ගොඩ දෙනෙක්ට ප්‍රයොජනවත් වෙයි.තෙරුවන් සරණයි!December 8, 2012 at 7:39 AMPabasara D WereWolf
said...ඔන්න අපි නං නෑ ඕවට:DDecember 27, 2012 at 1:07 AMtechdinu
said...සබ්බ දානං ධම්ම දානං ජිනාති.. මම අහලා තියෙන්නෙ ඒවිදිහට... සොරකම් කල යුත්තේ අයිති කරුවෙනුගෙනි. ඔබ බුදුන් වහන්සේගේ දහම අන්තර්ජාලයේ පල කලා පමණි.. ඔබ මෙතරම් කියවනුයේ මෙම ලිපි අන්තර්ජාලයට එක්කිරීමට ගතවුනු ඔබේ කාලය ගැනනම්. බුදුපියානන් වහන්සේ කොතරම් කලක් දුක් විඳ අවබෝධ කරගතෙක ගැන මොකද කියන්නේ... අවුරුදු 2500ක කාලයක් තමන්ගේ ජීවිතේ පරදුවට තියලා ධර්මය රැකගෙන ආපු අය ගැන මොකද කියන්නේ...මහා ධර්මසංගායනා පවත්වලා වැරදි දේවල් ධර්මයට එකතුවෙන එක වලක්වලා මුලු ලෝකයටම පොදු වූ බුද්ධ ධර්මය අපේ රටේදි ග්රන්ථාරූඩ කරපු මහරහතුන් ප්රමුඛ සංඝයා වහන්සේලා ගැන මොකද කියන්නේ.... ඒ උත්තමයන්වහන්සේලාගේ කැපකිරීම හමුවේ ඔබ අප කරන කැපකිරීම සංසන්දනය කලහැකිද....ඒ සියලුම දෙනා ඔබ කියන අයුරින් ධර්ම සොරකම ගැන විවරනය කලානම් මොකද වෙන්නෙ... බුදුපියානන් වුවද ධර්මය මට අයිති දෙයක් ලෙස පැවසුවේ නැත.. නර්මදා නදියේ වැලි කැට පමනට බිහිවී ඇති සියලු බුදුවරුන් විසින් අවබෝධ කරගෙන සකල ලෝක සත්වයාගේ හිත සුව පිනිසම දේශනා කල බව පමණක් වදාලහ.නමුදු කිසි දිනක ධර්මයේ හිමිකම බුදුවරයෙකුගෙන් අන් අයෙකුට හිමිවන්නේ නැත. ඒ සම්මා සම්බුදුවරයෙකු පහලවනුයේ මෙමෙ සද්ධර්මයලෝකය පුරා පැතිරවීම පිනිස මිස එයට කොපිරයිට් දැමීමට නොවන බැවිනි.මෙම බද්‍රකල්පයේ අවසානයට පහල වන පහලවෙන මෛත්‍රී බුදුන්වහන්සේ දේසනුයේ මෙයට වඩා වෙනස් දහමක්ද එතනදී ඔබ කියන අයුරින් සොරකමේ කරුනු පස සම්පූරණ වන්නේ නැතිද..ඔබගේ ධර්ම දානමය උත්සාහය ඉතා ඉහලින් අගය කරන් අතරම. උපුටාගැනීම සඳහන් කිරීම පිලිබඳ මා කිසි සේත්ම විරුද්ධ නොවෙමි. නමුත් මා පවසනුයේ ඔබ ධර්ම සොරකම විවරනය කර ඇති ආකාරය සහමුලින්ම පටහැනි වන්නක් බවයි. මම නම් අහල තියෙන්නෙ.. තම තම නැන පමණින් දැනගතයුතු කියලා මිසක් තම තම නැන පමණින්විග්රහ කලයුතු.. කියලා නම් නෙමෙයි...සංසාර බිය ඇතිකරන, ධර්මයේත් අනිත්‍ය බව වටහාදෙන, ගුනකථන කැටයම් නොමැතිව කිසිම ලාභ අපේක්ෂාවකින් තොරව නිර්වානයම අරමුනුකොට ඉතා පැහැදිලිව සරලව අවවාදයෙන් නොව ආදර්ශයෙන්ම ධර්ම මාර්ගය පෙන්වාදෙන අතිපූජ්‍ය රාජගිරියේ අරියඤාන හිමියන්ගේ මහරහතුන් වැඩිමග ඔස්සේ ලිපි පෙළ කියවන්න.. ඉපදෙමින් මැරෙමින් යන මේ සංසාරයේ තවත් එක නවාතැන්පලක් පමණක්මවූ මේ ජීව්තයේදී ලැබුවාවූ උතුම් මිනිසත් බව වඩවඩාත් අවබෝධයෙන් කුසල් දහම් රැස් කරගෙන සතර අපායෙන් මිදීමට ඔබට හැකිවෙවා...!October 31, 2014 at 12:37 AMPost a CommentNewer PostOlder PostHomeSubscribe to:
Post Comments (Atom)ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරොඅරමිභ කරන්නනික්මෙන්නබුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්නඇතා බටවනය පොඩි කරන්නාක් මෙන්මාර සේනාව මඩින්න!!!බුද්ධ රශ්මිPostsAtomPostsCommentsAtomCommentsFollow Us on Twitter!
"Join Us on Facebook!
RSS
Contactමෙතනින් සොයන්නLoading...බුද්ධ රශ්මි පරිශීලකයන්ටපළමුව කියවන්නAbout MeThanuja JayasundaraView my complete profileපූජා පත්‍රය
සමථ භාවනා
විදර්ශනා භාවනා
අබෞද්ධයෙකුට බුදු දහම
කුසල් කිරීමේ කළාව
ශීල මංජරී
ශ්‍රද්ධාංජලී
බුදු රජාණන්වහන්සේ
බුද්ධ චරිතය
ලෝක විශය
අනාගත ලොව
සතර අපාය
බුදු දහම හා විද්‍යාව
මානසික සහනය
සමාජීය
වෙනත්
භික්ෂුව හා දානයලේඛනාගාරය►2010
(57)►January
(2)►May
(14)►June
(2)►July
(1)►August
(8)►September
(11)►October
(6)►November
(3)►December
(10)►2011
(48)►January
(6)►February
(4)►March
(4)►April
(6)►May
(5)►June
(4)►July
(3)►August
(1)►September
(2)►October
(3)►November
(2)►December
(8)▼2012
(165)►January
(1)►February
(24)►March
(31)►April
(6)►May
(3)►June
(1)►July
(32)►August
(2)►September
(2)►October
(38)▼November
(17)
දුන් දෙයි විපාක ඇත. (දුක නැති කිරීමේ මඟ iii කොටස) ...
පූජාව, කමිම ඵලය, මෙලොව හා පරලොව (දුක නැති කිරීමේ ම...
මවට කරන දෙයි පියාට කරන දෙයි විපාක ඇත (දුක නැති කිර...
බුදු දහමේ ඉගැන්වෙන සෘධි ප්රාතිහාර්යය. (දුක නැති ...
ඔබත් ධර්මය සොරකමි කරනවාදැයි බලන්න.
දෙවියන් කියා පිරිසක් සිටිනවාද? (දුක නැති කිරීමේ මඟ...
සමිමා සංකල්පනා (දුක නැති කිරීමේ මඟ viii කොටස) 43
සමිමා කමිමන්ත, සමිමා වාචාව(දුක නැති කිරීමේ මඟ ix...
සමිමා ආජීවය, සමිමා වායාමය (දුක නැති කිරීමේ මඟ x කො...
සමිමා සතිය (දුක නැති කිරීමේ මඟ xi කොටස) 46
භාවනාව (දුක නැති කිරීමේ මඟ xii කොටස) 47
සමිමා සමාධිය හා නව සීවථිකය 48 කොටස
දුක්ඛ නිරෝධ සත්‍ය 49 කොටස
මාර්ග-ඵල හා නිවන (දුඃඛ නිරෝධාර්ය සත්‍ය) 50 කොටස
පංච නීවරණ ධර්ම 51 කොටස
බොජ්ජංග ධර්ම 52 කොටස
පාරමිතාව හා සෑම මිනිසෙකුම නිවන අවභෝධ නොකිරීමට හේතු...►December
(8)►2013
(127)►January
(1)►February
(6)►March
(27)►April
(7)►May
(45)►June
(1)►August
(1)►September
(21)►October
(7)►November
(10)►December
(1)►2014
(1)►January
(1)වැඩි දෙනෙක් කැමති ලිපිලෝක විනාශය සිදුවන හැටිමිට පෙර ලිපියේ කියන ලද්දේ ලොකයේ ආරමිභය පිළිබදව කථාවය දැන් සලකා බැලිය යුත්තේ ලොකයේ අවසානය කෙසේ නමි සිදුවෙද යන්න පිළිබදවයි. ලොකයේ අවසානය ප...නිවන තෙක් වැඩ පිළිවල සම්පුර්ණ ලිපි පෙළනිවන තෙක් වැඩ පිළිවලමෙම ලිපි පෙළ ආධුනිකයෙකු වශයෙන් භාවනාවට ප්‍රෙවේශ වන්නාවූ නිර්වාණය පසක් කිරීමට අභිලාශයක් ඇත්තාවූ යමෙක් වේ...ආගමිවාදය බුදුදහම හා නීතියේ පරිචය.
ප්‍රිය මිතුරනේ, මින් පෙර ලිපියෙන් කියා සිටියේ මෙම ලිපියෙන් සිහින දකිනා ආකාරය පිළිබඳව විස්තර ඉදිරිපත් කරනා බවයි. එය ඊලඟ ලිපිය තෙක් කල් තබා මේ...දුක්ඛ ලක්ෂණය (11 කොටස)එක කලෙක බුදු රජාණන්වහන්සේ සැවැත් නුවර සමීපයේඅනේපිඩු සිටුතුමා විසින් ඉදිකරනු ලැබු ජේතවනාරාමයේ වාසයකරනා සමයක , මිනිසෙකුගේ තමාට අතීශය ප්...ලොව මිනිසුන් ඇතිවු හැටිලො කයේ සත්ත්වයන්ගේ ආරමිභය පිළිබදව හොදම විස්තරයක් සොයාගත හැකි වනුයේ දිඝ නිකායේ 24 වන පාඨික සුත්‍රයේය.ඒ අනුව මෙ ලොව සත්වයින් කිසියමි ඊශ්වර ...විසි හතර වන කොටසරාජායතනකථාවභාග්යවතුන්වහන්සේමිදෙල්ලගසමුලින්කිරිපළුගසයම්තැනෙක්හිදඑතැන්හිඑළඹිසේක . එසමයෙහිතපස්සුයභල්ලිකයයන ...ඔබ පවිකාරයෙක් කියා ඔබට සිතෙනවාද?මානසික ආතතිය සහ බුදුදහම.ප්‍රිය මිතුරනේ, නව වසරේ මුල්ම ලිපි කිහිපය ලියා දක්වන්නට බලාපොරොත්තු වන්නේ ඉහත මැය යටතේයි. සමාජය වේගයෙන් දි...මානසික සහනයමානසික සහනයආදරයවිරහවහාබුදුදහමකවුරුන්දමාඔබේඔබපවිකාරයෙක්කියාඔබටසිතෙනවාද ?ජීවිතයෙන්දවසක් ...සමථ භාවනාභාවනාසමසතලිස්භාවනාකමටහන්හාවිදසුන්භාවනාවඔබේචරිතයහදුනාගන්නභාවනාවටමූලිකඋපදෙස්බුදුගුණභාව...සුගතියට යන පහසුම මාර්ගය (හැදින්වීම)ප්‍රිය මිතුරනේ අද කරුණු කියන්නට යන්නේ සුගතිගාමී වන පහසුම ක්‍රමය ගැනයි. ගොඩ දෙනෙක් විශාල මුදලක් වැය කරලා දාන මාන ආදිය පැවැත්වීම වගේ දේවල් ...පිරිවරTranslateTotal Pageviewsසියළුම හිමිකමි ඇවිරිණි මෙම බිලොගයේ ලිපි පිටපත් කිරිම නීතියෙන් වරදකි.© Copyright 2012 All Rights Reserved. by බුද්ධ රශ්මි
Cached version of the page in our index (Crawled on Friday 2014 December 26. Content May have changed without any notice. All rights reserved by the original author/publisher. සස්රුත විසින් සංගෘහිත දත්ත. දැනුම් දිමකින් තොරව දත්ත වෙනස් වී තිබිය හැක.
සියලුම හිමිකම් ප්‍රකාශකයා සතුය.
මුලාශ්‍රය:
http://www.budurashmiya.net/2012/11/blog-post.html