වෙළෙද පරිගණක නිෂ්පාදනය දක්වා පූළුල් වූ පී.සී. හවූස්බොහෝ රටවල් අද පරිගණන හා දියූූණූ තාක්ෂණය යොදා
වෙළෙද පරිගණක නිෂ්පාදනය දක්වා පූළුල් වූ පී.සී. හවූස් රනිල් ධර්මසේන බොහෝ රටවල් අද පරිගණන හා දියූූණූ තාක්ෂණය යොදා ගනිමින් ඉදිරියට ගමන් කිරම නිසා ලෝකය එකම තාක්ෂණික ගම්මානයක් බවට පත් වෙමින් සිටිති. ඊට එක් වීම සඳහා ශ්‍රී ලංකාවද මේ වන විට පරිගණක හා දියූණූ තාක්ෂණ යොදා ගනිමින් සිටිති. එම දිගු ගමන සඳහා රාජ්‍ය හා පූද්ගලික අංශය වෙන් වෙන්ව සූවිශේෂි කාර්ය භාරයක් ඉටූකරමින් සිටිති. පරිගණක අලෙවිය හා මෘදුකාංග නිෂ්පාදනය කිරමෙහි නිරතව සිටින පී.සී. හවූස් ආයතනය මගින් නව ලෝකය හඳුන්වා දීම සඳහා අප රටෙි සිදු කරනූයේ මහත්වූ කර්යයකි. මෙම ව්‍යාපාරයේ ප්‍රධාන මෙහෙයූම් කරු වන්නේ එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි එස්. එච්. එම්. රිෂාන් මහතාය. 1997 දී කොල්ලුපිිටිය ගාලුපාරේ යූනිටි ප්ලාසා ඉදිරිපිට පී.සී. හවූස් සමාගම කුඩා ව්‍යාපාරයක් ලෙස ආරම්භ කළද අද වනවිට ප්‍රධාන කාර්යාලයක් හා ශාඛා 23 ක් දක්වා මෙම සමාගම රට වටා ව්‍යාප්තව ඇත. නූගේගොඩ, ගාල්ල, මාතර, රත්නපූරය, බණ්ඩාරවෙල. බදුල්ල, මහනූවර, (ශාඛා දෙකෙකි) කුරුණෑගල, මඩකලපූව, කල්මූණේ, පූත්තලම, අම්පාර, නිටිටඹූව, නූවරඑළිය, අනූරාධපූර, වව්නියා ත්‍රිකුණාමලය යාපනය, කෑගල්ල, මීගමූව, කළුතර සහ මාතලේ යන නගර වල මෙම ශාඛා පිහිටූවා තිබේ. මෙම ශාඛා අලෙවි හල් මෙන්ම සේවා සැපයූම් ආයතන වශයෙන් පවත්වාගෙන යන අතර එමගින් පාරිභෝගිකයන්ට මනා සේවාවක් සපයා දීම සඳහා සේවකයන් 500 ක් පමණ යොදවා තිබේ. එමෙන්ම පී.සී. හවූස් ආයතනය ලෝක ප්‍රකට අයි. බී. එම්. පරිගණක නිෂ්පාදන සමාගමේ ශ්‍රී ලංකාවේ නියෝජිතයකු බවට පත්ව සිටියි. අයි. බී. එම්. පරිගණක ඉතා අගනා නිපැවූමක් වන අතර ඊට සූවිශේෂ වෙළෙඳ පොලක් ඇත. පරිගණක නිෂ්පාදනය කිරමට අවශ්‍ය උපාංග සැපයීම සිදුකරනූ ලබන්නේ චීනය ඇතුළු රටවල් කිහිපයක් විසිනි. එම රටවල් විශාල වශයෙන් පරිගණක කොටස් නිෂ්පාදනය කරන අතර ඒවා එකලස් කොට පරිගණක නිෂ්පාදනය කරති. කොටස් එකලස් කොට වෙළෙඳ පොලේ ප්‍රසිද්ධියට පත්ව තිබෙන භාණ්ඩයක් නමින් අඩූ මිලකට නිෂ්පාදනය අලෙවි කිරමක් සිදු නොවීය. එවැනි වෙළඳාමක් අප කරන්නේද නැත. රෂාන් මහතා තම නිෂ්පාදනවල ප්‍රමිතිය ගැන පවසන්නේ එලෙසය. මේ මස අගදී මාලඹේ ප්‍රදේශයේ නිෂ්පාදන යන්ත්‍රයක් සවිකර එමගින් නිපැයෙන භාණ්ඩ විශාල වශයෙන් ඉන්දියාවේ වෙළෙඳ පොලට නිකුත් කිරමට පී.සී. ආයතනය කටයූතු යොදා තිබේ. ඒ සඳහා අවශ්‍ය පරිගණක කොටස් කිහිපයක් නිදහස් වෙළෙඳ ගිවිසූමට අනූව තීරු බදු රහිතව විදේශ රටවලින් ලබා ගැනීමටත් එම ආයතනය බලාපොරොත්තුවෙන් සිටියි. දැනට පී.සී. හවූස් ආයතනයට මෙරට විශාල වෙළෙඳ පොලක් පවතින අතර සිය සේවාදායකයන්ට උසස් තත්ත්වයෙන් යූත් භාණ්ඩ ඉතා අඩූ මිලට ලබාදීමට එම ආයතනය කටයූතු යොදා ඇත.
Cached version of the page in our index (Crawled on Tuesday 2004 October 19. Content May have changed without any notice. All rights reserved by the original author/publisher. සස්රුත විසින් සංගෘහිත දත්ත. දැනුම් දිමකින් තොරව දත්ත වෙනස් වී තිබිය හැක.
සියලුම හිමිකම් ප්‍රකාශකයා සතුය.
මුලාශ්‍රය:
http://www.divaina.com/2004/10/19/velanda02.html