W3Lanka - blog by Para: August 2011
PagesHome
English
රස වින්දන
සුන්දර ඉංගිරිසි
පරිවර්තන
දැන්වීම්2011-08-31ප්‍රමිතියේ ප්‍රමිති ආශ්චර්යයෙන් බාල සිමෙන්ති ප්‍රමිතිය හොඳ වේ / Sri Lanka Standards given to cement they said low in quality4
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් තත්වයෙන් බාල නිසා ප්‍රමිති සහතිකය නිකුත් නො කරන ලද, ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු යටතේ ඇති ජාතික සමුපකාර මණ්ඩලය විසින් පකිස්තානයෙන් ආනයනය කරන ලද සිමෙන්ති මිටි තොගයේ ප්‍රමිතිය ඊයේ සිට හොඳ වී ඇත.ඒ අනුව, ගබඩාවල තිබියදී ආශ්චර්යවත් ලෙස තත්වය හොඳ වූ මේ සිමෙන්ති ශ්‍රී ලංකා ප්‍රමිති ලාංඡනය සහිතව දැන් වෙළඳපොළේ ඇත. සම්පීඩතා ප්‍රබලතාව අඩු බව කලින් කී මෙම සිමෙන්ති වර්ගයෙන් රජයේ කාර්යාල, පාලම්, පාසල් හා වෙනත් පොදු ගොඩනැගිලි ආදිය ඉදි වී නුදුරු කලෙක මිනිසුන්ගේ හිස් මත කඩා වැටෙනු ඇත. අදාළ පාකිස්තාන සමාගමේ සිමෙන්ති ප්‍රමිතියෙන් තොර බවට පසුගිය ජූලි 20 වන දින ලිඛිතව දැනුම් දුන්නද ජාතික සමුපකාර මණ්ඩලය විසින් අත්තනෝමතිකව මෙම සිමෙන්ති තොගය ඇණවුම් කර ඇති බව ප්‍රමිති ආයතනය කලින් පැවසී ය. මේ පිටුපස කොමිස් ජාවාරම් ඇති බව ඇතැම් මාධය වාර්තා කර තිබිණි. Anti Corrupt වෙබ් අඩවිය පවසන පරිදි 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ 12(1) වෙනි වගන්තිය අනුව2007.11.02 දින අංක 1521/29 දරණ ගැසට් නිවේදනය මගින් "සිමෙන්ති නිෂ්පාදකයෙකු ආනයනකරුවෙකු අසුරන්නෙකු බෙදා හරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් තොග වශයෙන් මලූ වශයෙන් ශ්‍රි ලංකා ප්‍රමිති පිරිවිතිරවලට අනුකූලවන්නේ නම් මිස සහ ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය විසින් නිකුත් කරනු ලබන SLS භාණ්ඩ සහතික ලාංඡනය දරන්නේ නම් මිස එකී සිමෙන්ති වර්ග නිපදවීම, ආනයනය කර භාවිතා කිරීම හෝ බෙදාහැරීම , ඇසිරීම, ගබඩා කිරීම , විකිණීම සදහා ඉදිරිපත් කිරීම හෝ විකිණීම සදහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවට මෙයින් විධානය කරනු ලැබේ" යනුවෙන් නියෝගයක් නිකුත් කොට තිබේ.ආන්දෝලනයට තුඩු දී තිබෙන සිමෙන්ති තොගය (ජාතික සමූපකාර මණ්ඩලය පවසන පරිදි කිලෝග්‍රෑම් 50 මලූ 1,80000ක් ) ආනයනය කොට ඇත්තේ, බලපත්‍රය අත්හිටුවා ඇති පාකිස්තානයේ ලකී සිමෙන්ති සමාගමෙනි. 2011.07.20 වැනි දින ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් ලකී සිමෙන්ති සමාගමට දැනුම් දී ඇති පරිදි එම සමාගමේ සිමෙන්ති Sri Lanka Standard / SLS 107:2008 යන ප්‍රමිතියට අනුව දින 28න් සවිමත් වීමේ ප්‍රමිතිය අසමත් බවයි. එබැවින් එම සමාගම මගින් සිමෙන්ති ආනයනය කිරීමේ බලපත්‍රය අත්හිටුවා ඇත. එසේ අත්හිටුවනු ලැබූවේ දෙවන වතාවටය.එම සමාගමේ සිමෙන්ති ආනයනය කිරීම අත්හිටුවා තිබියදී, ජාතික සමූපකාර මණ්ඩලය විසින් 2011 ජූලි 27 වැනි දින මෙම සිමෙන්ති තොගය ආනයනය කර තිබේ.කිසිදු විශ්වාසයක් තැබිය නො හැකි ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය පවා ලබා ගැනීමට කලින් ම මෙම සිමෙන්ති මිටිවල එකී ඊනියා ප්‍රමිති ලාංඡනය මුද්‍රණය කර තිබුණු බව ද වාර්තා වේ.මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්නඉදිරියට කියවන්න »මේ ලිපිය කොහොමද?4 comments:Links to this postEmail ThisBlogThis!Share to TwitterShare to FacebookShare to PinterestLabels:
ජාතික සමුපකාර මණ්ඩලය,
ජොන්ස්ටන් ප්‍රනාන්දු,
සිමෙන්තිපොලිසිය, පාතාලය පවා දැන් හරි නිර්මානාත්මකයි / Sri Lanka in an age creativity in police brutality6
අලුත් පොලිස්පතිවරයා යටතේ එක්කෝ පොලිසිය නිර්මානාත්මකව කටයුතු කරයි. නැතිනම්, දැන් අපරාධකරුවෝ නිර්මානාත්මකව කටයුතු කරති.කොහොම වුණත් නිර්මානශීලිත්වය හොඳ දෙයකි. 'අලුත් අලුත් දෑ නො තනන ජාතිය ලොව නො නගී' යයි කුමාරතුංග මුනිදාස ශූරීහු ද කී හ. අලුත් ක්‍රම හා විධි සොයා ගැනීමෙන් ජාතිය නග්ගන්නට පොලිසියට හා පාතාල අපරාධකරුවන්ට ද දායක විය හැකි ය.සති දෙකකට පමණ ඉහතදී අත්අඩංගුවට ගත් පාතාල ප්‍රබලයකු වන නේවි අසංක ඊයේ හවස මළේ දියේ ගිලී බව නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා කියයි. පසුගිය 11දා අත් අඩංගුවට පත් වූ මොහු ආයුධ පෙන්වන්නට යාම නිර්මානාත්මක ලෙස කල් දමා ඇත.පොලිස් අත්අඩංගුවේ සිටියදී කරන ලද ප්‍රශ්න කිරීම් වලට අනුව සඟවා ඇති ටී 56 ගිනි අවියක තොරතුරු හෙළි කර ඇති මොහුනවගමුව පොලිස් වසමට අයත් වෑවල නම් කැළණි ගඟ අභියස පාලු පෙදෙසකට පොලිසිය එක්කගෙන ගොස් පොහොර උරයක බහා වල දමා ඇති ගිනි අවිය ගොඩට ගෙන ඇත.පසුව සැකකරු පොලිසියෙන් මිදී කැලණි ගඟට පැන පලායමට තැත් කිරීමේදී පොලීසියද සැකකරු සමඟ දියට පැන ඔහු බේරා ගැනීමට වෙර දරා ඇත. නමුත් විලංගු සමග දියේ ගිලුණ සැකකරු බේරා ගැනීමට පොලීසියට නොහැකි වී ඇති අතර දියට පැන්න පොලිස් නිලධාරීන්ද දියේ ගිලී තිබේ. පසුව දියේ ගිලුන පොලිස් නිලධාරීන් සමඟ සැකකරුද බේරා ගත් නමුත් ඒ වන විටත් සැකකරු මිය ගොස් සිට ඇත. පොලිස් නිලධාරීන් දෙදෙනා දැනට රෝහල් ගතකර තිබේ. මීට පෙර නම් පොලිසිය කළේ පළා යන සැකකරුගේ දනහිසෙන් පහළට වෙඩි තැබීමයි. ඒ අවස්ථාවලදී සැකකරුවෝ හැම විට ම පාහේ ඔලුවෙන් සිට ගෙන තිබේ. කෙසේ වෙතත්, නේවි අසංකගේ මරණයෙන් ලංකාවේ ප්‍රබල දේශපාලනඥයකුගේ අපරාධ පිළිබඳ සාක්ෂි අතු ගෑවී යන බව ද වාර්තා වේ.මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්නඉදිරියට කියවන්න »මේ ලිපිය කොහොමද?6 comments:Links to this postEmail ThisBlogThis!Share to TwitterShare to FacebookShare to PinterestLabels:
නේවි අසංක,
පාතාල මර්දනය,
පාතාලය2011-08-30වැද්දන් මිනිස් ගජ්ජුන් කරමු4
වැදි මිනිසකු මහනුවර රෝහලේ සේවය කරන බව කියන සිය පුතා හමු වන්නට යන්නට නො දුන්නේ යයි උරණව දුන්නෙන් මානා ඊතලයක් විද ආරක්ෂක නිලධාරියකුට බරපතල ලෙස තුවාල සිදු කර තිබේ. මෑතදී පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන් එක් වැදි නායකයකු කියා තිබුණේ තමන් වැදි නායකයා වුව ද මස් මාළු නො කන, සත්ගුණවකකු බවයි. මස්, මාළු නො කෑම හෝ නො කන බව කීම හෝ දැන් ලංකාවේ විලාසිතාවක් වී තිබේ. එය කෙනෙකුගේ පෞද්ගලික පිළිවෙතක් වුව ද, මස්, මාළු කන මිනිස්සු නරක මිනිස්සු ය කියා හුවා දැක්වීමේ උවමනාවක් සමාජයේ ඇතැමුන්ට තිබේ. ආදි වැද්දෝ මූලික වශයෙන් දඩයම් ජීවිතයක් ගත කරන්නෝ වූ හ. කෘෂිකර්මාන්තය නො කළ ආහාර එකත් කරන්නන් වූ ඔවුන්ට සිය සම්ප්‍රදායික ජීවිතයේදී මස්, මාළු අනුභව නො කර පවතින්නට හැකියාවක් නො තිබිණි. වැද්දන් කියා හඳුන්වනු ලබන ජන කොට්ඨාසය නූතන සමාජ විපර්යාසය හමුවේ දැඩි අනන්‍යතා අර්බුදයකට මුහුණ දී සිටිති. නවීන වන සංරක්ෂණ නීති හේතුවෙන් වන ජීවිතය අහිමි වී සිටින ඔවුහු නවීන ගැමි හා නාගරික ජීවිතයත්, වැදි ජීවිතයත් අතර අතරමං වී සිටිති. විශේෂයෙන් ම සංචාරක කර්මාන්තය හේතුවෙන් වැදි අනන්‍යතාවට කුඩා වෙළඳපොලක් නිර්මානය වී ඇති හෙයින් ඔවුන්ගෙන් ඇතැමෙකුට වැද්දන් ලෙස රඟපෑමෙන් ජීවනෝපාය සකසා ගත හැකි වී තිබේ. එසේ ම, මෙවැනි ආදි වාසී ජන කොට්ඨාසයන්ගේ අනන්‍යතාව රාජ්‍ය හා රාජ්‍ය නො වන සංවිධාන හරහා අලෙවි වන දෙයක් බවට ද පත් වී තිබේ. ඒවායෙන් වැඩිපුර ලාභ ගරා ගන්නේ ආදි වාසීහු නො ව, අගනාගරික කොංක්‍රීට් වනාන්තරවල මධ්‍යම පංතික කුහකයෝ ය. මෙවැනි ජන කොට්ඨාසයන්ගේ සංස්කෘතික උරුමයන් විකුණා කා උදර පෝෂණය කරන ඔවුහු මෙවැනි මිනිස් ජීවීන් නවීන වීම වැළැක්වීම පිණිස න්‍යාය ගොඩනඟති. මෙම තත්වය වැදි ජනයා මෙරට අනෙකුත් ජනයා සමග ස්වීකරණය වීමට හා වඩා සුව පහසු යයි සැලකෙන ජීවන තත්වයන් අත් පත් කර ගැනීමට බාධාකාරී වී තිබේ. තමන් නිරාවරණය වී තිබෙන පාරිභෝගික සමාජයේ සංකීර්ණත්වය හමුවේ වැදි මිනිස්සු ක්ෂතියට (trauma) පත් ව සිටිති. මෙයින් අවසාන වශයෙන් සිදු වන්නේ වැද්දන් නවීන මිනිසුනුත් නො වන, වැද්දනුත් නො වන දිළිඳු, නූගත් මිනිස් කසල විශේෂයක් බවට පත් වීමයි. සංස්කෘතික අනන්‍යතාව හා උරුමයන් මනා ලෙස සංරක්ෂණය හා ප්‍රදර්ශනය සඳහා පුහුණු කරන ලද බුද්ධිමත් වැදි පිරිසකට එම කාර්යය භාර දී සෙසු වැදි මිනිසුන්ට පොදු සමාජය හා ස්වීකරණය වීමට අනුග්‍රහය ලබා දීම මෙවැනි කුඩා සුළුතර ජන කණ්ඩායම් සම්බන්ධයෙන් ඒ සමාජයන්ට ගත හැකි හොඳ ම තීරණය බව අපේ අදහසයි.ආදර්ශ වැදි 'ගම්මාන', කටුගෙවල්, සංස්කෘතික මධ්‍යස්ථාන, වැදි ජන උරුම සංරක්ෂණ පුහුණු පාසල් ආදිය පිහිටුවීම හරහා මෙම උරුමයන්, උරුමයන් ලෙස ආරක්ෂා කර ගත හැකි වනු ඇත. එය වැදි සමාජයේ ඉදිරි ගමන සඳහා බාධාවක් නො විය යුතු ය. අහිගුණ්ඨික, රොඩී වැනි වෙනත් 'නොදියුණු' (අරුත සාපේක්ෂ ය)සුළුතර ජන කොට්ඨාසයන් සම්බන්ධයෙන් ද මෙම තත්වය පොදු ය.මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්නඉදිරියට කියවන්න »මේ ලිපිය කොහොමද?4 comments:Links to this postEmail ThisBlogThis!Share to TwitterShare to FacebookShare to PinterestLabels:
ආදි වාසී,
වැද්දා,
වැදි ජනතාව2011-08-29පරීක්ෂණ අවසන් නො වී තිබියදීත් රජීව් ගාන්ධි ඝාතනයේ විත්ත්කරුවන් පෝරකයට10
නලිනි1991මැයි 21දා තමිල්නාඩුවේ ශ්‍රී පෙරුම්බුදුර්හිදී දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ අවශ්‍යතාව අනුව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට සම්බන්ධ වී ඉන්දීය හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය කිරීම සම්බන්ධව වරදකරුවන් වූ ශ්‍රී ලාංකික මුරුගන්, ශාන්තන් හා ඉන්දී ජාතික පෙරරිවාලන් යන සැප්තැම්බර් 09දා තමිල්නාඩුවේ වෙල්ලෝර් බන්ධනාගාරයේදී එල්ලා මරා දැමීමට නියමිත බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත ඊයේ වාර්තා කළේ ය.මෑතදී මෙම තිදෙනාගේ සමා අයදුම්පතක් ඉන්දීය ජනපතිනි ප්‍රතිභා පටෙල් විසින් ප්‍රතික්ෂේප කරන ලදී. මරණීය දණ්ඩනය පිළිබඳ විත්තිකරුවන්ට දැනුම් දී ඇති අතර,ඔවුන් දැන් අන් සිරකරුවන්ගෙන් වෙන් කර වෙන ම රඳවා තිබේ. මුරුගන්ගේ බිරිඳ නලිනිට ද මරණ දඬුවම නියම වුවත් ඇය බන්ධනාගාරයේදී මෙගාරා නම් දියණියක ප්‍රසූත කළ බැවින් ඇගේ මරණ දඬුවම ඉවත් කර ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් පනවන ලදී. නලිනි මරාගෙන මැරුන බෝම්බකාරය වූ ධනූ අසාර්ථක වුවහොත් යොදා ගන්නට සිටි අතිරේක ප්‍රහාරිකාව වූවා ය. ප්‍රහාරයෙන් පසුව පළා යමින් සිටියදී පෙමින් බැඳී විවාහ වූ නලිනි හා මුරුගන්ගේ දියණිය කුඩා කල වසර කීපයක් මව සමග බන්ධනාගාරයේ වාසය කළා ය. පසුව ලංකාවේ ජීවත් වූ නලිනිගේ මව විසින් ඇය හදා වඩා ගන්නා ලදී. දැනට 46වන වියේ සිටින නලිනි මේ වසර මුලදී රජීව් ගාන්ධිගේ දියණිය වන ප්‍රියංකා හමු වූ අතර මේ පිළිබඳ මුරුගන් හා නලිනි අතර මතභේදයක් ද ඇති විය. මේ දෙදෙනා ම බන්ධනාගාරයේදී සිය දිවි නසා ගන්නට තැත් කළ බව ද වාර්තා විය. උපාධිධාරිනියක වූ නලිනි බන්ධනාගාරය තුළදී පරිගණක විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ද ලබා ගත්තා ය. දැනට ශ්‍රී ලංකා රජයට සම්බන්ධව සිටින හිටපු කොටි නායක කේ.පී. ද රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අවශ්‍යව සිටින පුද්ගලයෙකි. එහෙත්, ඔහුගෙන් නිල වශයෙන් ප්‍රශ්න කිරීමක් මෙතෙක් සිදු වී නැත. එහි තේරුම නම් රජීව් ගාන්ධි ඝාතන පරීක්ෂණය තවම අවසන් වී නැති බවයි. එහෙත්, විත්තිකරුවන් තිදෙනෙකු වරද සිදු කර පුරා විසි වසකට පසුව එල්ලා මරා දැමීමට ඉන්දීය රජය තීරණය කර තිබේ. මේ තීරණය පසුපස විත්තිකරුවන්ට පූර්ණ යුක්තිය ඉටු වී තිබේ ද යන ප්රශ්නය හා විෂම අන්දමින් සැලකීම පිළිබඳ ගැටලුව ඉතිරි වී තිබේ. ඉන්දියාවේ මෙම දැඩි තීරණය ජනාධිපති ඝාතනයට කුමන්ත්‍රණය කර අසු වූ පුද්ගලයන් එම ජනාධිපති විසින් ම කැබිනට් මණ්ඩලයට පත් කරගෙන සිටින තරම් අවනීතිය රජ කරන අසල්වැසි රටට ලොකු බලපෑමක් කරන්නකි.මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්නඉදිරියට කියවන්න »මේ ලිපිය කොහොමද?10 comments:Links to this postEmail ThisBlogThis!Share to TwitterShare to FacebookShare to PinterestLabels:
කේ.පී.,
නලිනි,
මුරුගන්,
මෙගාරා2011-08-27පුදපු ගමන් කාපි යකා4
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමා ඊයේ ජනාධිපතිවරයා විසින් නිල නිවස ලෙස පරිහරණය කරනු ලබන මහජන දේපලක් වන අගමැති නිල නිවාසය වන අරලියගහමන්දිරයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය නම් වන දේශපාලන පක්ෂයේ කොළඹ මහ නගර සභා අපේක්ෂක කණ්ඩායම මුණගැසුණේ ය. සංග්‍රහයක් ද පැවැත්වූ බව වාර්තා වේ.මෙය කියවන ලංකාව ප්රජාතන්ත්රවාදී රටකැයි සිටින ඡන්දදායකයෝ 'ඉතින් මොකද?' යි අසනු ඇත.මහජන දේපල අයුතු ලෙස පරිහරණය කිරීම ලංකාවේ මිනිසුන්ට සාමාන්‍ය දෙයකි.
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්නඉදිරියට කියවන්න »මේ ලිපිය කොහොමද?4 comments:Links to this postEmail ThisBlogThis!Share to TwitterShare to FacebookShare to PinterestLabels:
කොළඹ මහ නගර සභාව2011-08-26සඳරුවන් සේනාධීරටත් සජිත් ප්‍රේමදාස එපා වෙලා3
(ලංකා ඊ නිව්ස් -2011.අගෝ.26, පෙ.ව.3.00-ජහමනයාගේ කොළම) මෙවර ඡන්දය සඳහා එජාප අපේක්ෂකයන් තෝරා ගැනීමට පත් කළ එජාප කමිටුවේ සාමාජිකයෙකු වූ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා තමන් ද එකතුව තේරූ අපේක්ෂකයන් ගැන ඊයේ විවේචනය කරමින් රූපවාහිනී මාධ්‍ය 3 කට ප්‍රකාශයක් කෙළේය. ඔහු මෙසේ කීය.‘‘එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා මණ්ඩලය එකමුතු භාවයෙන්, සහෝදරත්වයෙන් හිතෛෂීත්වයෙන් දිනන අපේක්ෂක ලැයිස්තුවක් ස්ථාපනය කරන්නට තීන්දු කළා. නමුත් ප්‍රායෝගිකව ගත් කළ ප්රතිසංවිධාන වෙනුවෙන් පෙනී හිටපු එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් ගණනාවකට ආධුනිකයින් විසින් එල්ල වුනු පලිගැනීම් නිසා එ් අයට අපේක්ෂකත්වය අහිමි වුනා. මේ දක්ෂ පක්ෂ හපන්කම් තිබෙන පුද්ගලයින් එජාපය වෙනුවෙන් ඇප කැපවීම් වසර ගණනාවක් මුළුල්ලේ කළ එ් අයගේ කප්පාදුව මා දකින්නේ දේශපාලන පළිගැනීමක් හැටියටයි. මේ පලිගැනීමට ලක්වුනු සියලූම දෙනා වෙනුවෙන් මා පෙනී සිටිනවා’’ යි සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.ඔහු මෙසේ එජාප අපේක්ෂක ලැයිස්තු ගැන විවේචනය කෙළේ නාමයෝජනා භාර දෙන අවසන් දවසේ වීම ද විශේෂත්වයකි. නියෝජ්‍ය නායකයා ලෙස තමාද සාමාජිකයෙකු වූ මෙම කමිටුවේ නායකයා වූයේ පක්ෂ නායකයා විය යුතු යැයි තමාම යෝජනා කළ කරු ජයසූරිය මහතාය. කමිටුවක් ලෙස ගත් තීරණ සම්බන්ධයෙන් තමන්ගේ පක්ෂය සටනකට අවතීර්ණ වී ඇති අවස්ථාවකදී හුදෙක් රූපවාහිනියෙන් මූණ පෙන්වා ගැනීමේ චේතනාවෙන් මෙසේ විවේචනය කිරීම ගැලපෙන්නේ කුමන දේශපාලන සදාචාරයකටදැයි යන්න දැන්ඕනෑම කෙනෙකුට තේරුම් යනු ඇත.තමන් අරගල කෙළේ රනිල්ගේ නායකත්වය ගැන නම් මේ ‘සිලෙක්ෂන් කමිටුවේ’ නායකයා වූයේ රනිල් නොව තමා නායකයා ලෙස යෝජනා කළ කරු ජයසූරියමය. තමා මෙම ‘සිලෙක්ෂන් කමිටුවේ තීන්දු’ පිළිගන්නේ නැතිනම් එහි සාමාජිකත්වය ප්‍රතික්ෂේප කරමින් ඉන් ඉවත් විය යුතුය.ඕනෑම කමිටුවක පක්ෂ විපක්ෂ අදහස් සාකච්ඡුා වී සියල්ල එකඟ වූ තීන්දු ගැන එළියට ඇවිත් රූපවාහිනී නාලිකා වලට ‘වොයිස් කට්’ දීම රටේ ප්‍රධාන පක්ෂයක නියෝජ්‍ය නායක ධූරය වැනි භාරධූර තනතුරක් දරන්නෙකුට තබා ගමේ මහිලා සමිතියක අම්මන්ඩි කෙනෙකුටවත් නොගැලපෙන්නක් බවඕනෑම කෙනෙකුට තේරේ. සජිත් පේ‍්‍රමදාස මහතා අවංකව තම පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙනී සිටින්නෙකු නොව වෙන කාගේ හෝ න්‍යාය පත්රයකට අනුව කටයුතු කරන්නෙක් යන්න දැන් නම් ඉතා හොඳින් පැහැදිලිය. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවත් සමග ඍජු සම්බන්ධයක් තිබෙන බව ප්‍රසිද්ධියේ කී නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා එම ඍජු සම්බන්ධය කුමක්දැයි සාක්කි සහිතව පෙන්විය යුතුය. නැතිනම් එවන් ඍජු සම්බන්ධයක් තියෙන දෙබිඩි එජාපයේ නියෝජ්‍ය නායක කමෙන් රෙද්දක් ඇඳගෙන ඉල්ලා අස්විය යුතුය. කොන්දක් තිබෙන මිනිසුන් හැසිරෙන්නේ එලෙසය.එක පතේ කමින් එ් පතේම පහරන, පහරා යළි යළිත් එයම වළඳන, සජිත්ලා වැනි මිනිසුන් සමග පක්ෂයක් ගෙන යාම කෙසේ වෙතත් පවුලක් කෑමටවත් පුළුවන් වේදැයි ජහමනයාට නම් හිතාගත නොහැකිය.-ජහමනයා විසිනි-
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්නඉදිරියට කියවන්න »මේ ලිපිය කොහොමද?3 comments:Links to this postEmail ThisBlogThis!Share to TwitterShare to FacebookShare to PinterestLabels:
ලංකා ඊ නිවිස්,
සඳරුවන් සේනාධීරදේශපාලන පක්ෂ විකිණීමට තිබේ / Political parties of Sri Lanka are sold in market0
ලංකාවේ දේශපාලන පක්ෂ හිමියන් අතර උන්මත්තකයෝද සිටිති.කුරුණෑගල නගර සභාවට චන්ද්‍රිකා කුමාරතුංගගේ දුවගේ හා පුතාගේ නම් සහිත නාම යෝජනාවක් ඉදිරිපත් කර ඇත්තේ යයි සැලකෙන පුද්ගලයා ඔහුගේ දේශපාලන පක්ෂය යයි කියන ජනතා බලවේග පක්ෂයේ නායකත්වය භාර ගන්නා ලෙග ඉල්ලා සිටිමින් චන්ද්‍රිකාට නිතර ලියුම් ලියන බව ඇගේ පෞද්ගලිත ලේකම්වරිය ජනමාධ්‍යවලට පවසා ඇත.ලංකාවේ දේශපාලන පක්ෂ 67ක් ඇත. එයින් බොහොමයක් බෝඩ් ලෑලි ය. ඒවායේ සාමාජිකත්වය, සංවිධාන, අරමුදල් ආදී සියල්ල ඇත්තේ ලිපි ගොනුවල පමණි. දේශපාලන පක්ෂ නායකයන්ට දේශපාලකයන් ලෙස නිල පිළි ගැනීමක් තිබේ. ඒ හරහා ඔවුහු යම් යම් වරප්‍රසාද භුක්ති විඳිති.මේ බෝඩ් ලෑලි පක්ෂ අතරින් සමහරක් පිහිටුවාගෙන ඇත්තේ තනිකර ම පටු අරමුණු වෙනුවෙනි. සන්ධානවලට නම් එකතු කරන විට, වැඩිපුර ඡන්ද පොළ නියෝජිතයන් පත් කර ගැනීමට හා ප්රචාරක කටයුතුවලදී වාසි ලබා ගැනීමට බොරු ලැයිස්තු ඉදිරිපත් කරන විට,ඇතැම් සල්ලිකාරයන්ට දේශපාලනයට පිවිසෙන්නට තමන්ගේ ම පක්ෂ ඕනෑ විට හා පොදු අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට ස්වාධීන පෙනුමක් ඇති ඡන්ද ලකුණු ඕනෑ වූ විට මෙකී පත්ෂ හිමිකාරයන්ට අවස්ථාව ලැබේ.ආනන්ද සංගරී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ අයිති කර ගත්තේ එහි පොදු දෙමළ හිමිකාරිත්වයට එරෙහිව යමිනි. ඒ වන විට ඉතිහාසයට එක් වී තිබුණු චෙල්වනායගම්ගේ තමිල් අරසු කච්චි පක්ෂයේ 2004 වන විට හිමිකාරයන් වී සිටි අය දෙස ඒ නිසා බැල්ම වැටිණි.2010දී සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට තරග කළ හංසයා ලකුණ හිමි පක්ෂය ද මෙවැනි බෝඩ් ලෑලි පක්ෂයක්ව තිබුණු එකකි. වත්මන් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දේශපාලන පක්ෂ පිළිගැනීමට ලක් කර ගැනීම පහසු ය. ඒ නිසා ඇතැම් පක්ෂවල මන්ත්‍රීහු වෙනත් පක්ෂ ද හදාගෙන සිටිති. ඒවා දේශපාලනයේදී අවශ්‍ය වෙලාවට එළියට ගන්නා ආයුධ වේ.වරක් එක් ජනාධිපතිවරණයකට තරග කිරීම සඳහා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් දේශපාලන පක්ෂයක් මිළ දී ගත් බව ප්‍රකට ය.ජනතා විමුක්ති පෙරමුණටඅසූ නමයේ මර්දනයෙන් පසු 1994දී කලඑළි බසින්නට දොරටු විවර කර දුන්, නැසීගිය ආරිය බුලේගොඩ නායකත්වය දුන් ප්රගතිශීලී පෙරමුණේ වත්මන් හිමිකාරයෝ ද එයට වෙළඳපොළක් හදාගෙන ඇත. දේශපාලන පක්ෂ විකිණීමෙන් ධනවතුන් බවට පත් වූ පුද්ගලයෝ ගණනාවක් මේ රටේ සිටිති. ඇතැම් දේශපාලන පක්ෂ ක්‍රියා කරන්නේ සම්ර්පූර්ණයෙන් ම පාහේ රාජ්‍ය නො වන සංවිධාන ස්වරූපයෙනි. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඒ අංශයෙන් කප් ගසා ඇත. රුසියානු කොමියුනිස්ට් පක්ෂයට එරට බලය තිබුණු කාලයේ ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට රජ මඟුල් විය. රුසියාව ලංකාවේ සමාජවාදය ගොඩනගන්නට ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට සල්ලි දුන් අතර, ලංකාවේ කට්ටිය ඒ වැඩේ හැර අන් හැම දෙයක් ම කළ හ. දේශපාලන පක්ෂ කියන්නේ ඔන්න ඔහොම ව්‍යාපාර වර්ගයකි. දේශපාලන පක්ෂ ජාවාරම කෙරෙන්නේ ප්රජාතන්ත්රවාදයට මුවා වෙලා ය. තත්වය එසේ වුණ ද, කලක් තිස්සේ දේශපාලනය කළ X කණ්ඩායමේ දීප්ති කුමාර ගුණරත්න වැනි අයට පවා දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කර ගැනීමට සෑහෙන්න අමාරු වූ බව දැනගන්නට ඇත.මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්නඉදිරියට කියවන්න »මේ ලිපිය කොහොමද?No comments:Links to this postEmail ThisBlogThis!Share to TwitterShare to FacebookShare to PinterestLabels:
ඡන්ද ලකුණු,
දේශපාලන පක්ෂ2011-08-25අඟුලානේ නිව්ටන්ගේ ඉරණම සෑම නිව්ටන් කෙනෙකුට ම පාඩමකි9
අඟුලානේදී තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන මරා දැමූ අඟුලාන පොලිසියේ ස්ථානාධිපති නිව්ටන් ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනා සහ ග්‍රාමාරක්ෂකවරයා අද මරණ දඬුවමට ලක් වූ හ. උසාවියේදී විදුලි පහන්, පංකා නිවා දමා, ගාම්භීර ලෙස යමකුට මරණ දඩුවම දුන් පසු, ඔවුන් සිරගෙදර වෙත ගෙන යද්දී තවත් උසුළු විසුළු කිරීම නීච ක්‍රියාවකි. අඟුලානෙන් ආ ජන රාශිය උසාවියේදී එසේ කළේ හරියට මේ විත්තිකරුවන් පිරිස අත් අඩංගුවට ගත් මිනිසුන් මැරූ ලංකාවේ පළමු හා එක ම පොලිස්කාරයන් පිරිස වාගේ ය. මෙවැනි වැරදි කළ සියලු දෙනාට මරණ දඬුවම දෙනවා නම් ලංකාවට ෆුල් ටයිම් අළුගෝසුවන් දහ පහළොස්දෙනෙකුවත් මුර ක්‍රමයට සේවයේ යෙදවීමට සිදු වනු ඇත. එහෙත් නිව්ටන් ඇතුළු පිරිසට අත් වූ ඉරණම මේ රටේ අනනෙකුත් අතිනවි දරන, ඒ නිසා බලය යනු තමන් යැයි සිතා සිටින බොහෝ හමුදා, පොලිස් නිලධාරීන්ට පාඩමකි. කෝ නිව්ටන්, කත්‍රිආරච්චි වගේ ඔයාවත් බේරා ගන්න රජවරු? ඒ වෙලාවේ මිනිසකු මැරීමෙන් ලද වනචාරී ආතල් එක වෙනුවෙන් ඔයාට ගෙවන්න වුණ මිළ දරා ගන්න ඔයාට පුළුවන් ද? එවැනි ආතල් ගන්න කොයි නිව්ටනුත් මතක තියා ගන්න, ජන බලය හමුවේ, ජනප්‍රියත්වය වෙනුවෙන් බලවත්තු අළුයම ලූ කෙළ පිඬු සේ ඔබ අතහැර දමන බව. ඒකට තමයි, නිව්ටන්ගේ අන්තිම නියමය කියන්නේ. සෑම ක්‍රියාවකට ම නැතත්, සමහර ක්‍රියාවන්ට සමාන හා ප්‍රතිවිරුද්ධ ක්‍රියා ඇති වෙනවා ය. ඉරකි තිතකි. !!!!!!!!!!!!!!!!!!!
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්නඉදිරියට කියවන්න »මේ ලිපිය කොහොමද?9 comments:Links to this postEmail ThisBlogThis!Share to TwitterShare to FacebookShare to PinterestLabels:
අඟුලාන,
නිව්ටන්,
ලුම්පන්මහේස්ත්රාත්වරයකුගේ ඡායාරූපයක් ගැනීම නීති විරෝධී ද? / Is photographing a judge illegal?4
ග්‍රීස් යක්ෂ හුටපටයක් නිසා නාවල්තුරෛ හමුදා කඳවුර සමග ගැටී අත්අඩංගුවට ගන්නා ලද 17දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ ඔවුන් ඡායාරූපගත කිරීමට ගිය යාපනයේ උදයන් පුවත්පතේ ඡායාරූප ශිල්පියකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හේතුව, ඔහු විසින් මහේසුත්‍රාත්වරයකු ඡායාරූපගත කිරීම බව ද, අත්අඩංගුවට ගැනීම සිදු වී ඇත්තේ මහේස්ත්රාත්වරයාගේ නියෝගය මත බව ද යාපනය පොලිසියේ නිලධාරියකු කී බව අද දිවයින පුවත්පත වාර්තා කරයි. අප දන්නා පරිදි නම් මහේස්ත්‍රාත්වරයකු හෝ විනිසුරුවරයකු ඡායාරූපගත කිරීම නීතිමය වරදක් නො වේ. එහෙත්, අධිකරණ භූමියේදී එසේ කිරීම රාජකාරියට බාධා කිරීමක් ලෙස අර්ථ දැක්විය හැකි ය.මෙම මාධ්‍යකරුවා ඡායාරූප ගත්තේ අධිකරණ භූමියේදී ද, පිටතදී ද යන්න පැහැදිලිව වාර්තා වී නැත.ප්‍රසිද්ධ ස්ථානයකදී සාමාන්‍ය පරිදි යමෙකුගේ ඡායාරූපයක් ගැනීමට අයිතියක් පුවත්පත් කලාවේදියකුට ඇත. එහෙත්, ජාතික ආරක්ෂාව සඳහා අදාල ඇතැම් නීති රීතිවලින් ඒ නිදහස සීමා කර තිබේ. එහෙත්, බොහෝ විට ඒවා අදාළ වන්නේ හමුදා කඳවුරු වැනි ස්ථානවලට අදාළව මිස පුද්ගලයන්ට අදාළව නො වේ. ලංකාවේ නීති පද්ධතිය හා මාධ්‍ය භාවිතාව තුළ මෙවැනි කාරණා සම්බනධයෙන් නිරවුල් පැහැදිලි කිරීම් නැති බව අපගේ නිරීක්ෂණයයි. මේ පිළිබඳව මාධ්‍ය සංවිධානවල හෝ අවධානය යොමු විය යුතු ය. ඔබගේ අදහස් දක්වන්න. (නීතිමය ගැටලු ඇති කරවන අදහස් දැක්වීම් පළ නො කරන බව කරුණාවෙන් සලකන්න.)පහත සබඳතා පුරුක මේ පිළිබඳ සංවාදයකි.Photo Law – Your Right to Take Pictures in Public
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්නඉදිරියට කියවන්න »මේ ලිපිය කොහොමද?4 comments:Links to this postEmail ThisBlogThis!Share to TwitterShare to FacebookShare to PinterestLabels:
ඡායාරූප ගැනීමේ නීතිය2011-08-24හම්බන්තොට ගලේ පැහැරූ අසූචි රොයිටර්ට පෙන්නයි5
ැානියෝජ්ය ඇමති රත්තරං සහ ආණ්ඩුව පර සක්වල ගහමින් අර ෂෝක් එකට තියෙනවා ය කියූ හම්බන්තොට වරාය කටේ ගල් පර්වතයක් තියනවා ය කියා ඒක හැදූ විශ්වකර්මයා වන ඇඹිලිපිටියේ ගලප්පත්තිගෙන් අසූ නමයේදී බේරී රටේ අනාගතය වෙනුවෙන් තිලිණ වූ බන්දු වික්කරම ආචාරිතුමා රොයිටර්ට කියා තිබේ. මේ ගල කඩන්නට ආණ්ඩුව චීනයෙන් ඩොලර් මිලියන 40ක් හෙවත් කජු ඇට, කොස් ඇට නො වන රුපියල්4,404,147,200ක් හෙවත් කෝටි 440ක් වැනි සොච්චම් මුදලක් ණයට ඉල්ලා ඇති බව උන්නැහේ රොයිටර්ට කියා ඇත. එපමණක් නො ව, මේ වරාය හදන්නට පෙර පටන් ම මේ ගල එතැන ඇති බව උන්නැහේලා දැන සිටි බව ද රොයිටර්ට කියා ඇත. අවුරුද්දකට පෙර 2010 අගොස්තුවේදී ඩෙඟා නටා මේ වරායට වතුර පිරවූ අතර, වරාය නිකම් තිබුණත් අපි චීනයට පොලී ගෙවමින් සිටිමු. උන්නැහේලාට මොකද ඉතින්?තවත් ලිපි: හම්බන්තොට වරායේ ගලේ පැහැරූ බළල්ලු කවුරු ද?වැලිඔය සම්පත්නුවර, මිහින්තලේ රේල් පාර හා හම්බන්තොට
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්නඉදිරියට කියවන්න »මේ ලිපිය කොහොමද?5 comments:Links to this postEmail ThisBlogThis!Share to TwitterShare to FacebookShare to PinterestLabels:
ගල,
වරාය,
හම්බන්තොට2011-08-23ලංකාව ගමන් කරමින් සිටින්නේ ම්ලේච්ඡත්වය දෙසට ය5
මෙම ඡායාරූපයේ සිටින විඡේරත්න මුදියන්සේලාගේ නවරත්න බණ්ඩාර නම් 31 හැවිරිදි තරුණයා පොලිස් නිලධාරියෙකි. පුත්තලම ප්‍රදේශයේදී මේ රටේ වීරෝදාර මහජනතාව මේ මිනිසා පහර දී කපා, කොටා මරා දැම්මේ තවම ව මව් කුසේ සිටින ඔහුගේ දරුවාට පියකු අහිමි කරමිනි. ඔහු කළ වරද ග්‍රීස් යකකු යයි නම් කර වධ හිංසනයට ලක් කරමින් සිටි මිනිසකු බේරා ගැනීමයි. මීට පෙර මේ රටේ අසන්නට ලැබුණේ මෙවැනි සිද්ධිවල අනෙක් පැත්තයි. දැන් මෙසේ සිදු වන්නේ ඇයි? එහෙත් මේ පහර දුන්නේ ඝාතනය කළේ නවරත්න බණ්ඩාර නම් මිනිසා නොව නීතිය ක්රියාවේ යොදවන සාමය අගයන පොලිස් නිලධාරියාත්, අව්වැසි දුහුවිලි දිවා රෑ නොතකා සමස්ත ජනතාව වෙනුවෙන් අනේකවිධ දුක්කන්දරා චෝදනා උසුලා මානසික ඒකාග්රතාවකින් කටයුතු කරන පොලිස් නිලධාරීන් මෙසේ අමානුෂික ලෙස ඝාතනය කිරීම තුළින් අවනීතිය රජවීම වැළැක්විය නොහැකිය. එය එසේ නොවන්නට නම් මේ පොලිස් නිලධාරියාගේ මරණින් මතු හෝ එවැනි සිදුවීම් නොවන්නට නීතිය, සාමය අගය කරන ශ්‍රී ලාංකීය ජනතාව ධාරණය කරගත යුතුය. අවස්ථාවාදී පුද්ගලයන්ගේ අසත්‍ය වදන් වලට නොරැවටී බුද්ධිමත්ව කටයුතු කිරීම බණ්ඩාරට කළ හැකි උපරිම ගෞරවයයි.
පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක (උපුටා ගැනීම දිවයින පුවත්පතෙනි.)හේතු කීපයක් ඉහත ප්‍රකාශයෙන් පැහැදිලි වේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ මෙම වාක්‍ය කීපයෙන් ම පෙනෙන පරිදි පොලිසිය සිංහල බසින් හෝ වචන කීපයක් ගැට ගසා අදහසක් මිනිසුන්ට තේරෙන අන්දමින් ප්‍රකාශ කරන්නට නො දැන සිටීමනීතිය කුමක්දැයි මහජනයාට පැහිදිලි කර දීමට පොලිසිය අසමත් වීමනීතිය ක්‍රියාත්මක කිරීමේ හා යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කෙරෙහි විශ්වාසය ඇති කිරීමට පොලිසිය අසමත් වීමඅවනීතිය රජවීම සඳහා පොලිසිය කර ඇති දායකත්වයපොලිසියට පාරට බහින්නට බැරි තත්වයක් උදා වී ඇත්තේ ඇත්තෙන් ම පසුගිය කාලයේ තමන් වැපිරූ දේවල අස්වැන්න සේ ය. එසේ ම, ලංකාවේ ජනමාධ්‍යයන්ගේ අසාර්ථකත්වය ද කටකතාවල ප්‍රබලත්වය විසින් මනාව ඔප්පු කර තිබේ. අවිද්‍යාව, මිථ්‍යා විශ්වාස ප්‍රවර්ධනය කරන පාලකයන් හා ඔවුන් විසින් මෙහෙයවනු ලබන අධ්‍යාපන ක්‍රමය වෙනස් නො කර මෙම සමාජය බුද්ධිමත් කළ නො හැකි ය. ලංකාවේ වත්මන් තත්වය විස්තර කිරීමට ෆ්රෙඩ්රික් එංගල්ස් විසින් පවසනු ලැබ, පළමු ලෝක යුද සමයේ රෝසා ලක්සම්බර්ග් විසින් උපුටාගෙන ප්‍රවර්ධනය කරන ලද පහත සඳහන් ප්රකාශනය යෝග්‍ය ය. “Bourgeois society stands at the crossroads, either transition to socialism or regression into barbarism.” ධනේශ්වර සමාජය මං සන්ධියකට සපැමිණ ඇත. එය එක්කෝ සමාජවාදය දෙසට සංක්‍රාන්ති විය යුතු ය. නැතිනම් ම්ලේච්ඡත්වය දෙසට පිරිහිය යුතු ය. ලංකාවේ පසුගාමී ධනවාදය නො වැළැක්විය හැකි ලෙස ගමන් කරමින් සිටින්නේ ම්ලේච්ඡත්වය දෙසට ය. මීට පෙර, ඇතැම් අප්‍රිකානු, අරාබි, ආසියානු රටවල මෙම අපගමනය සිදු විය. විඡේරත්න මුදියන්සේලාගේ නවරත්න බණ්ඩාර නම් පොලිස් නිලධාරියා එයින් නිදහස් විය. ඔහු බෞද්ධයකු ද නැද්ද යන්න අපි නො දනිමු. බෞද්ධයකු නම්, පුනරුත්පත්තියක් ඇත්නම්, කුසල් ඇත්නම් ඔහු කිසි කලෙක මේ රටේ නම් යළි නො ඉපදෙනු ඇත.මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්නඉදිරියට කියවන්න »මේ ලිපිය කොහොමද?5 comments:Links to this postEmail ThisBlogThis!Share to TwitterShare to FacebookShare to PinterestLabels:
පොලිස්,
විඡේරත්න මුදියන්සේලාගේ නවරත්න බණ්ඩාර2011-08-22මා ඉතින් යන්න යනවා - ගඩාෆි5
මචං මං යන්න දඋඹත් පස්සෙන් එනව දහිටියෙ මං කොහොම දමේව පාඩං උඹට ද
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්නඉදිරියට කියවන්න »මේ ලිපිය කොහොමද?5 comments:Links to this postEmail ThisBlogThis!Share to TwitterShare to FacebookShare to PinterestLabels:
ජනාධිපති මහින්ද රාජපක්ෂ,
ට්‍රිපොලි,
මුවම්මර් ගඩාෆි,
ලිබියාවමොකක්ද මේ පක? කුණුහරුප ද පක?10
විභාග දෙපාර්තමේන්තුව උසස් පෙළ සිසුන්ට දුන් ව්‍යාපාර අධ්‍යයන ප්‍රශ්න පත්‍රයේ චෙක් පක කියා සඳහන්ව ඇත.එසේ ලිවීම හොඳ ද, නරක ද කියා මේ දිනවල කුණුහරුප පරීක්ෂා කිරීම පිළිබඳ ස්වේච්ඡාවෙන් පත් වී සිටින ඔලුව නැති සිරසට ඔබ කැමති නම් එස්.එම්.එස් කරන්න.ඇත්තෙන්ම මේ පක කියන්නේ කුමක් ද?පක කියා සිංහලෙන් කියන්නේ අන් කිසිවකට නොව ගෙඩියට ය.යම් කිසිවක් තිඹිරි පකක් හෝ පොල් පකක් සේ ඉදිමී ආ බව වැනි යෙදුමක් සද්ධර්මරත්නාවලියේ තිබුණා මතක ය. එහෙත් සොයා ගන්නට බැරි විය. සද්ධර්මරත්නාවලියෙන් සොයා ගත් පකවල් මෙසේ ය. එක් දේවතා දුවණි කෙණෙක් තිඹිරි පකක් පිළි ගන්වා ලා දිව සැප ත් ලත් නියාව කිවු ය. අනික් දේවතා දුවණි කෙණෙක් කැකිරි පකක් පිළිගන්වා ලා දිව සැප ත් ලත් නියාව කිවු ය . අනික් දේවතා දුවණි කෙණෙක් බොරළු දමන පකක් පිළිගන්වා ලා දිව සැපත් ලත් නියාව කිවු ය. (මුගලන් මහ තෙරුන් වහන්සේ ප්‍රශ්න විචාළ වස්තුව)
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්නඉදිරියට කියවන්න »මේ ලිපිය කොහොමද?10 comments:Links to this postEmail ThisBlogThis!Share to TwitterShare to FacebookShare to PinterestLabels:
අසභ්‍ය,
කුණුහරුප,
පක,
සද්ධර්ම රත්නාවලිම,
සද්ධර්මරත්නාවලියග්රීස් යක් බිය නිසා පොලිස් නිලධාරියකුට, අපස්මාර ලෙඩෙකුට පහර දී මරලා3
Policeman, epilepsy patient beaten to death thanks to Grease Devils; are we crazy?Posted by Editor at 7:48 AM Monday, August 22, 2011Labels: grease devil, grease yaka, mythsA police officer was beaten to death and five civilians were shot and injured in Sri Lankan yesterday in an incident related to the fear psychosis known as Grease Devil.
The incident took place in Managunduwa in Puttalam area as some people caught a suspicious person. As they were taking him to be handed over to the Village Officer, they were shot by an unidentified group injuring five persons including a woman. A tense situation erupted there and Navy and Army officials were deployed to defuse the tension. However, police say hundreds of e people pelted stones at the security forces. Meanwhile. a police officer was caught by the mob and his body was later found beaten to death, police say. Read the full article in W3Lanka English
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්නඉදිරියට කියවන්න »මේ ලිපිය කොහොමද?3 comments:Links to this postEmail ThisBlogThis!Share to TwitterShare to FacebookShare to PinterestLabels:
අපස්මාර,
ග්‍රීස් යක්කු,
පොලිස්2011-08-21සිරසට කිරි පණු ගාය14
"Power without responsibility. Privilege of the harlot. Throughout the ages. "-Ranil Wickramasingheතිස්ස අත්තනායක ගැන ලියන ලද 'තිස්ස' නම් පොතේ දොරට වැඩුමේදී රනිල් වික්‍රමසිංහ harlot නම් වදන පරිවර්තනය කළේ 'වේස ගෑනි' ලෙසයි. එම පරිවර්තනය කුණුහරුපයක් ය කියා සිරස දැන් මහා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. මධුර ශබ්දකෝෂයේ ඒ සඳහා දී ඇති පරිවර්තන වන්නේ ගණිකාව, වෙසඟන, වෛශ්‍යාව, වේශ්‍යාව යන වචනයි. ඉංග්‍රීසි බසින් නම් ඒ සඳහා සමාන වචන ලෙස දැක්වෙන්නේ prostitute, whore ආදියයි. තේරුම අතින් ගත් කල රනිල් වික්‍රමසිංහ යොදා ගන්නා වචනය සංදර්භය හා හොඳින් ගැලපේ. ප්රශ්නය වී ඇත්තේ ලංකාවේ ඒ වචනය අසභ්‍ය එකක් ලෙස සැලකීමයි. රනිල් වික්‍රමසිංහ වෛශ්‍යාව යන වචනය පාවිච්චි කළා නම් ඇත්තෙන්ම මෙවැනි ප්‍රශ්නයක් පැන නගින්නේ නැත. ඔහු සිංහල භාවිතා කිරීමේදී මෙවැනි වැරදි නිතර කරයි. තමුසෙ කියන්නේ තමුන්නාන්සෙට ය කියා තර්ක කරන්නා සේ වේසි කියන්නේ වෛශ්‍යාවට ය කියා ද තර්ක කළ හැකි ය. ලිංගික සේවා සපයන්නන්ට 'වේස ගෑනු' කියා අවමන් කිරීම ද නො හොබී. එහෙත්, ලංකාව වනාහි එම වෘත්තියට හෙවත් අත්‍යවශ්‍ය සේවාවට හිමි ගෞරවය දෙන්නට තරම් දියුණු සමාජයක් නො වේ.වේසි යනු වෛශ්‍යා යන සංස්කෘත වදන සිංහලට හා පොදු ජන වහරට පැමිණි හැටියි. එය අසභ්‍ය වදනක් ලෙස පිළි ගැනීම ද එසේ ම වූ දෙයකි. රනිල් වික්‍රමසිංහ මේ කතාව පවත්වන්නේ ආරාධිත සභාවක් ඉදිරියේ මිස ජනමාධ්‍ය සඳහා නො වේ. එය ජනමාධ්‍යයකින් ප්‍රචාරය කිරීම නුසුදුසු යයි සිතන්නේ නම් සිරස කළ යුතුව තිබුණේ එය ප්‍රචාරය නො කර සිටීමයි. එහෙත්, සිරස කළේ කුමක් ද? ඔන්න අපි කුණුහරුපයක් කියන්නයි යන්නේ, පොඩි ළමයි අයින් කර ගන්න ආදිය කියා පොඩි එවුන්ට පවා එය අසන්නට ආශාවක් ඇති කිරීමයි. ඒක ඇසුවාට පසුව නම් ලංකාවේ බොහෝ පොඩි එවුන්ට තාත්තා මේක නිතර ම අම්මට කියනවනේ කියා හිතෙන්නට ඇත. එය පුන පුනා ප්‍රචාරය කරමින් ඒක හොඳ ද කියා ඇසීම අපට නම් පෙනෙන්නේ කිරි පණු ගාය ඇති අය පස්ස පැත්ත කස, කසා ඇඟිල්ල නහයට ළං කර බලමින් විඳින ආතල් එක වැනි දෙයක් ය කියා ය.මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්නඉදිරියට කියවන්න »මේ ලිපිය කොහොමද?14 comments:Links to this postEmail ThisBlogThis!Share to TwitterShare to FacebookShare to PinterestLabels:
කුණුහරුප,
මාධ්‍ය,
රනිල් වික්‍රමසිංහ,
සිරසරජයේ බොරු දුම්වැටි විරෝධයට දුම්කොළ සමාගමෙන් සල්ලි2
මේ දිනවල දුම්කොළ සංස්ථාව අලුත් ප්රචාරක ව්‍යාපෘතියකට අත ගසා තිබේ.එය දියත් වන්නේ ආණ්ඩුවේ දුම් බීම පාලනය කරන්නන් ලවා රූපවාහිනියේ කොටු වෙනුවට දුම් බීමේ ආදීනව කියන කෙටි වැකි යෙදීම හා සිගරැට් පෙට්ටියේ පිළිකා හැදෙන හැටි රූපවලින් පෙන්වීම වැනි දේ ඇතුළත් කිරීම සඳහා පියවර ගැනීම හරහා ය.ඒ ඔස්සේ නැවතත් සමාජයේ දුම්වැටි පිළිබඳ කතා බහ වැඩි කර තිබේ.ඒ වෙනුවෙන් මෙම වැඩසටහන් මෙහෙයවන අයට ඇතැම් විට දුම්කොළ සමාගම මුදල් ගෙවනවා විය හැකි ය. දුම්කොළ සමාගම් දුම් බීම ජනප්‍රිය කරවීම සඳහා නව උපායන් පාවිච්චි කරයි. පහත පළ වන්නේ උදාහරණයකි.We entered the disco at about midnight. Within a minute, a “golden girl” approached me, holding out a box of Benson & Hedges: “Here, take one”. I took it. She extended her hand again, this time holding a small glowing orb—a cigarette lighter, I soon realised. I balked; she encouraged me: “Go ahead—I want to see you smoke it now”. I told her I thought it would make me cough. “No, these are smoother, not so strong” she reassured me. “I want to see you smoke it now.” I put the cigarette in my pocket.Tamsyn Seimon, notes taken at the Golden Tones Disco, Nuwara Eliya, Sri Lanka, April 1997දුම්කොළ සමාගම් සංඛ්‍යාලේඛන අනුව ලංකාවේ දුම් බීමේ සැලකිය යුතු අඩු වීමක් සිදු වී නැත. එපමණක් නොව, පසුගිය වසරේ ගෝල්ඩ් ලීෆ් දුම් වැටි අලෙවිය 4%කින් වැඩි වී තිබේ.දුම්කොළ සමාගමේ ශුද්ධ ලාභය ද ගිය අවුරුද්දේ රු. බිලියන 1.3කින් පමණ වැඩි වී තිබේ. දුම්කොළ සමාගම වනාහි කොටස්කරුවන්ට වැඩි ම ලාභාංශයක් ගෙවන සමාගමකි.ලංකාවේ දුම් බොන්නන්ගෙන් වැඩි ම ලාභයක් ගරා ගන්නේරජයයි. රජය බදු ලෙස 2010දී රු. බිලියන 56ක් උපයා ඇත. එය රජයේ ප්‍රධාන ආදායම් මාර්ගයකි. රජයේ ඊනියා දුම් වැටි විරෝධී පිළිවෙතින් රජයට ලැබෙන ආදායම අඩු වී නැත. ඒ නිසා මේ කරන බොරු ප්‍රචාරයන් වනාහි තව තවත් සිය ආදායම වැඩි කිරීම ඉලක්ක කර ගත්No Such Thing As Bad Publicity වර්ගයේ උපාය මාර්ගයක් විය හැකි ය. ;අප මේ මාතෘකාව එළියට ගන්නේ අන් කිසිවක් සඳහා නො ව දුම්බොන්නන්ට ප්‍රමිතියක් ඇති දුම්වැටියක් මිළ දී ගැනීමට ඇති අයිතිය වෙනුවෙන් කිසිවකු පෙනී සිටිය යුතු නිසා ය. දුම්කොළ සමාගම රජයේ ප්රචාරයට මුවා වෙමින් සිගරැට්ටුවේ ගුණාත්මකභාවය පහත දමමින් ලාභ වැඩි කර ගනිමින් සිටියි. මෙය වැළැක්විය යුතු ය.මේ ලිපියත් කියවන්න:දෙබිඩ්ඩන්ට හූ කීම හා දුම් බීම
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්නඉදිරියට කියවන්න »මේ ලිපිය කොහොමද?2 comments:Links to this postEmail ThisBlogThis!Share to TwitterShare to FacebookShare to PinterestLabels:
දුම්කොළ සංස්ථාව,
දුම්වැටි,
පිළිකාමධ්යම සංස්කෘතික අරමුදල රුපියල් පහෙන් කරන්න යන විජ්ජාව2
අපේ අගමැතිතුමා තරම් ජාතියට, ආගමට, සංස්කෘතියට, ඉතිහාසයට, පුරා විද්‍යාවට, පන්සල්වලට, පන්සල්වල පොත්ගුල්වල ඇති පුස්කොළ පොත්වලට ආදරය කරන වෙනත් දේශප්‍රේමියෙක්, ජාති හිතෛශියෙක්, අරින් එක්කෙනෙක්, මෙයින් එක්කෙනෙක් මේ දවස්වල වෙන නැත.එතුමා ළඟදී මධ්‍යම සංස්කෘතික අරමුදලට වටිනා උපදෙසක් දී ඇත. ඒ අනුව, දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල තැන්පත්කර ඇති පුස්කොළ පොත් සංරක්ෂණය කිරීම සඳහා රජය විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කැර තිබේ.දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල පුස්කොළ පොත් දස ලක්ෂයකට අධිත ප්‍රමාණයක් ඇති බව ගණන් බලා ඇති අතර මේ ජාතික උරුමයන් අනාගත පරපුරට ආරක්ෂා කැර දීම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන බව මේ පිළිබඳව සඳහන් කරන සිළුමිණ පුවත්පත වාර්තා කරයි. ඒවා සංරක්ෂණය කිරීමේ මෙම විශේෂ ව්‍යාපෘතිය සඳහා මූලික වශයෙන් රුපියල් මිලියන පහක මුදලක් වෙන් කර තිබේ. ඒ කියන්නේ එක පුස් කොළ පොතකට රු. පහ ගානේ ම සල්ලි, සල්ලි කියා නො බලා වෙන් කර තිබේ. (සමහර විට පස්සේ තව දෙන්න හිතේ තියෙනවා ඇත. හැබැයි ඉතින් අමාත්‍යංශෙකට කාර් එකක් ගන්න එහෙම වෙන්කරන්නේ මේ වගේ සුළු ගණන් නො වෙයිනේ.)අනේ සාදු! රුපියල් පහකින් කොච්චර දෙයක් කරන්න පුළුවන් ද? මී කුණකින් ධනවත් වුණ මිනිහෙකු ගැනත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවානේ.මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්නඉදිරියට කියවන්න »මේ ලිපිය කොහොමද?2 comments:Links to this postEmail ThisBlogThis!Share to TwitterShare to FacebookShare to PinterestLabels:
පුරා විද්‍යාව,
පුස් කොළ පොත්,
සංරක්ෂණය2011-08-20සුසිල් ප්‍රේම ජයන්තට මුහුදෙන් හමු වූ තෙල් ඉන්දියාව හංගලා ද?0
SL 2007-01-001 ඉන්දියාවට කැනීම් සඳහා දී ඇති කොටසයිලබන වසරේ මුල් කාර්තුව තුළ ශ්‍රී ලංකා මුහුදු තීරයේ තෙල් සම්පත තිබේ දැයි සත්‍ය වශයෙන්ම පැවැසිය හැකි බව ශ්‍රී ලංකාවේ තෙල් ගවේෂණ කටයුතුවල යෙදෙන ඉන්දියාවේ “කෙයාන්” ලංකා සමාගම පවසයි.-දිනමිණ 2011 අගෝස්තු 19මේ 2010 මැයි 01දා දිනමිණ පළ කළ වාර්තාවකි. (දිනමිණ කියවන්නේ ඇයිදැයි අපේ පාඨකයෝ අසති. අප දිනමිණ උපුටා දක්වන්නේ ආණ්ඩුවේ මාධ්‍ය මෙහෙයුම්වල නිරුවත පෙන්වීමටයි. මෙවැනි පුවත් ජාතික රූපවාහිනියෙන් හා ස්වාධීන රූපවාහිනියෙන් ද නිතර ප්‍රචාරය වේ. ඒවායෙන් සිදු වන බලපෑම දිනමිණට වඩා බෙහෙවින් වැඩි ය.)මෙරට තෙල් කැණීම් ලබන වසරේ ඇරැඹේසුභාෂිණී සේනානායකශ්‍රී ලංකාවේ තෙල් කැණීම් කටයුතු ලබන වසරේදී ආරම්භ කෙරේ. තෙල් කැණීම් සඳහා සිදුකරන ලද පරීක්ෂණ කටයුතු සදහා ගවේෂණ කටයුතු සියල්ල සිදු කොට අවසන් බව ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහතා දිනමිණ ට ප්‍රකාශ කෙළේය.තෙල් කැණීම් කටයුතුවලදී මේ රටේ වාසනාවට තෙල් ලැබුණහොත් ඉදිරි කැණීම් කටයුතු පුළුල් කරන බවද හෙතෙම ප්‍රකාශ කෙළේය.මුහුදේ සිදුකරන ලද පරීක්ෂණ කටයුතු මුළුමනින්ම අවසන් බව පැවසූ ඇමැතිවරයා දිනකට තෙල් බැරල් ලක්ෂයක් පිරිපහදු කළ හැකි බවත් තෙල් ධාරිතාවය දෙගුණ කර ගත හැකි බවද පැවැසීය.මෙමගින් තාර, ගෑස්, රසායනික ද්‍රව්‍ය වැනි අතුරු නිෂ්පාදනද දෙගුණයක් පමණ ලබා ගතහැකි වන බව අවධාරණය කළ ඇමැතිවරයා ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධනයට විශාල දායකත්වයක් ලබාදිය හැකි වන බවද කීය.ලංකාවේ මුහුදෙන් තෙල් ලැබේවා යි අපි ප්‍රාර්ථනා කරමු. ලංකාවට ද එයින් 10%ක කර්තෘ භාගය ලැබේ. එයින් අපේ පාලකයන්ට ජොලි කරන්නට පුළුවන. පාලකයන්ගේ අත පල්ලෙන් පෙරී එන යමක් තිබේ නම්, මේ රටේ ජනතාවට ද බලාපොරොත්තු තබා ගත හැකි ය. ලංකාවේ තෙල් ලැබුණොත් ලංකාවේ අප කෙසේ වෙතත් ඉන්දියාව නම් පොහොසත් වනු ඇත.මෙම පුවතත් කියවන්න. ලංකාවට කිසිත් නොමැතිව ඉන්දියාවට පවරාදුන් ඛනිජ සම්පත
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්නඉදිරියට කියවන්න »මේ ලිපිය කොහොමද?No comments:Links to this postEmail ThisBlogThis!Share to TwitterShare to FacebookShare to PinterestLabels:
ඛනිජ තෙල්,
දිනම්ණ,
පෙට්‍රෝලියම්,
සුසිල් ප්‍රේම ජයන්තනොපවතින මිනිස්සු0
මට හැඳුනුම්පතක් නැතමම මිනිහෙක් නොවෙයිද?උප්පැන්න සහතිකය නැති වියමා උපන්නේ නැද්ද?වලංගු ගමන් බලපත්රැයක්?පාර වසා තිබුණු බැවින් මම ගමන් නොගියෙමිරියදුරු බලපත්රකුමක් පදවන්නද?ඔවුහු දුම්රිය වාර ප්‍ර වේශ පත්රියක් ගැන අසතිඑවිට නම් මට හිනාව නවතා ගත නොහැකමට විශේෂ අනන්යනතා සහතිකයක් ඇද්දැයි ඔවුහු අසතිඅනන්යශතාව ගැන මම බොහෝ කලක සිට සිතමිඇත්තෙන්ම ඉතිහාසයේ මා සිටින්නේ කොතැනද?මම කවුරුද?(2009 මැයි මස ලංකාවේ රජයේ හමුදා විසින් උතුරේ වැසියන් 'මුදා ගත්' කාලයේ ලියා පළ කළ කවියකි. නැවත පළ කරන්නට සිතිණි.)-අජිත් පැරකුම් ජයසිංහ
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්නඉදිරියට කියවන්න »මේ ලිපිය කොහොමද?No comments:Links to this postEmail ThisBlogThis!Share to TwitterShare to FacebookShare to PinterestLabels:
කවි,
සාහිත්යහම්බන්තොට වරායට නැවක් ආවෝ! / A ship in Sri Lanka's Hambanthota harbour6
ඔබ දැකුමෙන් අප පිං කළ බව දැනිණි.රට ම බැලිය යුතු දෙයකි.හම්බන්තොට වරායට නැවක් ආවා ය.වරායවලට නැව් මිස කෝච්චි එනවාදැයි අපෙන් නො අසන්න.බල්ලෙක් මිනිහකු සපා කෑ විට පුවතක් නො වන මුත්, මිනිහෙක් බල්ලකු කෑ විට එය පුවතක් බවට පත් වන බව ජනමාධ්‍යවේදයේදී කියැවේ. ඈත මුහුදේ තිබෙන නෞකා සඳහා සේවා සැපයීමට හම්බන්තොට වරායට බෝට්ටු දෙකක් ගෙනැවිත් දීමට bluga නම් මේ නැව වරායට ආවේ ය. ඇවිත් ගියේ ය. තව නැව් ආවොත් රජයේ මාධ්‍ය අපට ඒ බව කියනු ඇත. බලාපොරොත්තුවෙන් සිටින්න.මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්නඉදිරියට කියවන්න »මේ ලිපිය කොහොමද?6 comments:Links to this postEmail ThisBlogThis!Share to TwitterShare to FacebookShare to PinterestLabels:
ජනාධිපති මහින්ද රාජපක්ෂ,
මාගම්පුර,
හම්බන්තොට වරායආණ්ඩුව අපට සුදු ලූනු පොඩි කරයි / Garlic tax of Sri Lanka government1
සිංදුවක් ලියන්න අලුත් මලක්
සුදු ලූනු මලආණ්ඩුව අල, ලොකු ලූනු හා සුදු ලූනු සඳහා ආනයන බදු වැඩි කර තිබේ. අලවලට කිලෝකට රු. 5 බැගින් ද, ලොකු ලූන්වලට කිලෝවකට රු. 10 බැගින් ද සුදු ලූනුවලට කිලෝවකට රු. 15 බැගින් ද බදු වැඩි කර තිබේ. මේ දැනට වලංගු බදුවලට අමතරව ය. සමුපකාර හා අභ්‍යන්ත වෙළඳ ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසන්නේ එසේ කරන්නේ මිළ අඩු ආනයන නිසා දේශීය ගොවියාට ලැබෙන මිළ අඩු වීම පාලනය කර ඔවුන් රැක ගන්නට බවයි. මේ කතාව අල හා ලොකු ලූනු සම්බන්ධයෙන් යම් දුරකට පිළි ගත හැකි ය. එහෙත්, අප දන්නා පරිදි නම් ලංකාවේ ගොවීන් සුදු ලූනු වවන්නේ නැත. එහෙත් වැඩි ම බදු වැඩි කිරීම කර ඇත්තේ සුදු ලූනුවලට ය. පසුගිය මාසවල අහස උසට නැග තිබුණු සිදු ලූනු මිළ දැන් සෑහෙන්න පහළ බැස ඇත. ආණ්ඩුවට කාලා ඉන්නට බැරි දුප්පත් අපි සුදු ලූනු මාළුවක් හදාගෙන කන එක ය. සුදු ලූනු පොඩි කරනවා කියා ජන වහරේ කියන්නේ මෙවැනි වැඩවලට ය. Read in EnglishGarlic tax of Sri Lanka governmentThe Cooperatives and Internal Trade Ministry has increased import taxes on big onions, potatoes and garlic. Taxes on a kilo of big onions have been increased by Rs. 10, potatoes by Rs. 5 and garlic by Rs. 15. Read More
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්නඉදිරියට කියවන්න »මේ ලිපිය කොහොමද?1 comment:Links to this postEmail ThisBlogThis!Share to TwitterShare to FacebookShare to PinterestLabels:
අල,
ලොකු ලූනු,
සුදු ලූනු2011-08-19ගැලියෙන් නිදහස් කර ගත් තවත් වහලෙක්0
කත්‍රිආරච්චි චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලේ රාජ්‍ය ත්‍රස්තවාදය මෙහෙයවීමේ ප්‍රබලයකු විය.එවකට ඔහු පිළියන්දල එජාප මැර නායකයා වූ ලොකුගේ හා සමාන, ප්‍රතිවිරුද්ධ නිව්ටන්ගේ නියමය විය. දැන් මේ දෙන්නා ම ආණ්ඩුවේ ය. නිකම් ම ආණ්ඩුවේ නො ව, රාජපක්ෂ කඳවුරේ ය. ඒ නිසා දැන් කත්‍රිආරච්චිට රත්මලාන ආසනයේ සංවිධායකකම දී ඇත.කත්‍රිආරච්චි රාජපක්ෂ කඳවුරට ජැක් එක ගසා ගත්තේ හිරේ වැටෙන එකෙන් වළකින්නට ය. එතුමා ඔහු වෙනුවෙන් බොහෝදේ කර ඇත. එයට කළ ගුණ සැලකිය යුතු ය.මොහු ද ඉදිරියේදී ජොන්ස්ටන් වැනි සිමෙන්ති බැලයකු වනු ඇත. ඉදිරිය දුෂ්කර ය. ගැලියෙන් නිදහස් කර කන්න බොන්න දී හදා වඩා ගත් වහලුන්ගේ මරාගෙන මැරෙන හමුදාවක් 'පවුල'ට අවශ්‍ය ය.මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්නඉදිරියට කියවන්න »මේ ලිපිය කොහොමද?No comments:Links to this postEmail ThisBlogThis!Share to TwitterShare to FacebookShare to PinterestLabels:
කත්‍රිආරච්චි,
දේශපාලන,
රාජපක්ෂඅනන්යතා පත්‍රයත් විකුණන් කාපියව්10
නව විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් ජනතාවට විකිණීමට රජය තීරණය කර ඇත.මෙය නොමිළේ දෙන්නේ දැනට ජාතික හැඳුනුම්පත ඇති අයට පමණි. ඒ කියන්නේ අලුතෙන් හැඳුනුම් පත් ගන්නා සාමාන්‍ය පෙළ ලියන දරුවන් මුදල් ගෙවා විද්‍යුත් හැඳුනුම් පත ගත යුතු ය. විද්‍යුත් හැඳුනුම්පත නැති අය හරි හමන් පුරවැසියන් ලෙස නො සලකනු ඇති බැවින් දරුවන්ගේ අනාගතය ගැන නිරතුරු බියෙන් පසු වන මේ රටේ අම්මලා, තාත්තලා ඒ වෙනුවෙන් ද මුදල් ගෙවිය යුතු ය. ඒ ලබ්බ නැතිව දැනටත් ඡන්දය දාන්න, පාරේ යන්න, වැඩක් කර ගන්න, රස්සාවක් කරන්න කරදර ය. රස්සා නැත. හරියට කන්න, අඳින්න නැත. ජීවිතවල මෙලෝ රහක් නැත. අනන්‍යතාව විතරක් විද්‍යුත් වෙන්න යනවා ය. විද්‍යුත් පතකින් දක්වන්නට මේ රටේ මිනිස්සුන්ට ඇත්තේ මොන අහවල් අනන්‍යතාව ද?මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්නඉදිරියට කියවන්න »මේ ලිපිය කොහොමද?10 comments:Links to this postEmail ThisBlogThis!Share to TwitterShare to FacebookShare to PinterestLabels:
අනන්‍යාව,
හැඳුනුම්පත2011-08-18නන්දාගේ කවිය- සමිත බී. අටුවබැන්දවැව4
සමිත බී අටුවබැන්දෑල යනු කවියෙකු ලෙස සිය අනන්‍යතාව ප්‍රකාශ කිරීමට මහ වෙහෙසක් දරන්නෙක් නො වේ. ඔහු මට කිසි දිනෙක හමු වී හෝ මම ඔහු ගැන කිසිවක් දන්නේ හෝ නැත.එහෙත්, කලක සිට මම ඔහුගේ කවි කියවමි. ඒ කවි මගේ සිත් ගනිති. ඒ බොහෝ විට ඒවායේ ඇති අව්‍යාජ සුන්දරත්වය නිසා වන්නට ඇත. අද ලියවෙන බොහෝ කවි හා කවියෝ මහා වධකාරයෝ ය. ඔවුහු කවියක්, දෙකක් ලියා සමාජයෙන් විශාල මිළක් ඉල්ලති. ඒ කවි කියවීම පෙර කළ කරුමයක් පළ දීමක් වැනි ය. සමිත බී. අටුවබැන්දෑලගේ නම මට හැමදාමත් පැටලේ. නම පැටලී මෑතදී මම එක් තරුණ කවියකුගේ කවි පොතක් මිළ දී ගතිමි. එපමණක් නො ව, ඔහු සමිත බී අටුවබැන්දෑල යයි වරදවා වටහාගෙන මම ඔහුගේ කවිවලට කැමති බව ද කීවෙමි. ගෙදර ගොස් කවි පොත කියවා බැලූ කල මට වහ කන්නට සිතිණි. ඔහුගේ කවි මට ලැබෙන්නේ කවි සිතුවිලි නම් ෆේස්බුක් කණ්ඩායමක විද්‍යුත් ලිපි සේ ය. එම කණ්ඩායමෙන් එන සෙසු කවි පි ද අර මා කලින් කී වර්ගයේ ම ඒවා ය. සංසාර මාවත සමිත බී. අටුවබැන්දෑලගේ කවි ඇතුළත් බ්ලොග් අඩවියයි.නන්දාගේ කවිය- සමිත බී. අටුවබැන්දවැවසොහොන් පිටියක් බඳූමහගෙදර !ගල් ගුහාවක් බඳු මහගෙදර !මහගෙදරමහා පාළුව තුළමතක වවුලන් ලගිනහොල්මන් මෙන් තටු ගහන.මහගෙදරමූසල පාට ගෑපරණ බිත්ති අසපාළු ගඳවවුල් බෙටි මෙන් දුගඳ.වැට අතගගාසාලෙට ඇවිත් නන්දාඔබා සුවිචයපත්තුකළා වෝල්ට් හතලිහේ වල්ගා තරුව !ජීවිත සාරිය මහන්නටහෙමින් වාඩිවිය ඇය.දුබල ඇටකටුහොලව හොලවාකෑගසා බෑ කීයයළිත් මහන්නට මැසිමනහරයක් කැඩී පණ අදින.සම්ප්රදාය නූල්බෝල පෙට්ටියේපැටලිලා නූල්සංසාරය වගේ.නන්දාගේ බඩේහා පැටියා තියාසඳ ගිහින් නොදන්නා සිංහලේවෙළදාමට.මාස හතක් අමාවකමහගෙදර අහසේ.දවල් තරු පේන්නට හිල් හැදුනමහගෙදර මහ වහලේ ලැගගෙනකණකොක්කු කෑ ගසති.ජිනදාස යළි නේන බව කියති.ගොක්කොළ මාල ගොතති.මේ කිසිවකටමරන්ට බැරි වියනන්දාගේ හදවත.නව ලෝකය මෙන් අවදිවඅත් ඉදිකටුවට අමුණා වීරියඈ මහයිජීවිතේ ඉරුණු තැන්.මලකඩ කතුර වීසි කොට ඈතටඈ අලුත් මල් මහයි කොට්ට උරයේපුතාට !
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්නඉදිරියට කියවන්න »මේ ලිපිය කොහොමද?4 comments:Links to this postEmail ThisBlogThis!Share to TwitterShare to FacebookShare to PinterestLabels:
කවි,
සමිත බී. අටුවබැන්දෑල,
සාහිත්‍යNewer PostsOlder PostsHomeSubscribe to:
Posts (Atom)දිනූ නිදහස අනතුරේබ්රිතාන්ය යටත්විජිතවාදීන්ගෙන් නිදහස් වූ පසු ලංකාව දිනූ ලොකු ම නිදහස කුමක් ද? කොටි සංවිධානය පැරදවීම යයි කියන බොහෝ දෙනෙක් සිටිති. කොටි සංවිධානය කියන්නේ මේ රටේ දෙමළ ජනතාව විසින් ගොඩනගා, පෝෂණය කර, තම ජීවිතවලින් මිළ ගෙවමින් පවත්වාගෙන ගිය ව්‍යාපාරයකි. එහි අරමුණ දෙමළ ජනයා වෙනුවෙන් වෙන ම දෙමළ ස්වෝත්තමවාදී ඊලාම් රාජ්‍යයක් බිහි කිරීමයි. එය දේශපාලන ඉල්ලීමකි. එවැනි භූ දේශපාලනික හා සමාජ ප්‍රතිසංස්කරණ සඳහා මිනිසුන් අරගල කිරීම ඉතිහාසය පුරා ම සිදු වූ දෙයකි. ඒවාට එරෙහි අරගල ද ඉතිහාසයේ තිබිණි. ලෝක දේශපාලන සිතියම ඝනීභූත දෙයක් බවට පත් නො වී චලනයක පවතින්නේ ඒ නිසා ය. (කියවන්න)පරිවර්තන - Translationsදැන් හරිම ලේසියි. So easy nowපරිවර්තන / Translationsඅපි ඔබට සිංහලෙන් ඉංග්‍රීසියට හෝ ඉංග්‍රීසියෙන් සිංහලට වෘත්තිකමය පරිවර්තන සේවා සපයමු.We provide you professional translation services between Sinhala and English languages.Call: +94 775583470 or contact ajithperakum(at)gmail.comFor more details click hereSearch This BlogLoading...පැරණි ලිපි - Archive►2015
(85)►February
(35)►January
(50)►2014
(346)►December
(37)►November
(29)►October
(33)►September
(26)►August
(29)►July
(31)►June
(33)►May
(27)►April
(30)►March
(24)►February
(21)►January
(26)►2013
(306)►December
(23)►November
(21)►October
(30)►September
(29)►August
(26)►July
(30)►June
(32)►May
(28)►April
(19)►March
(18)►February
(21)►January
(29)►2012
(298)►December
(19)►November
(27)►October
(26)►September
(22)►August
(19)►July
(22)►June
(22)►May
(34)►April
(36)►March
(24)►February
(19)►January
(28)▼2011
(439)►December
(40)►November
(34)►October
(36)►September
(35)▼August
(53)
ප්‍රමිතියේ ප්‍රමිති ආශ්චර්යයෙන් බාල සිමෙන්ති ප්‍රම...
පොලිසිය, පාතාලය පවා දැන් හරි නිර්මානාත්මකයි / Sri ...
වැද්දන් මිනිස් ගජ්ජුන් කරමු
පරීක්ෂණ අවසන් නො වී තිබියදීත් රජීව් ගාන්ධි ඝාතනයේ ...
පුදපු ගමන් කාපි යකා
සඳරුවන් සේනාධීරටත් සජිත් ප්‍රේමදාස එපා වෙලා
දේශපාලන පක්ෂ විකිණීමට තිබේ / Political parties of ...
අඟුලානේ නිව්ටන්ගේ ඉරණම සෑම නිව්ටන් කෙනෙකුට ම පාඩමක...
මහේස්ත්රාත්වරයකුගේ ඡායාරූපයක් ගැනීම නීති විරෝධී ද...
හම්බන්තොට ගලේ පැහැරූ අසූචි රොයිටර්ට පෙන්නයි
ලංකාව ගමන් කරමින් සිටින්නේ ම්ලේච්ඡත්වය දෙසට ය
මා ඉතින් යන්න යනවා - ගඩාෆි
මොකක්ද මේ පක? කුණුහරුප ද පක?
ග්‍රීස් යක් බිය නිසා පොලිස් නිලධාරියකුට, අපස්මාර ල...
සිරසට කිරි පණු ගාය
රජයේ බොරු දුම්වැටි විරෝධයට දුම්කොළ සමාගමෙන් සල්ලි
මධ්‍යම සංස්කෘතික අරමුදල රුපියල් පහෙන් කරන්න යන විජ...
සුසිල් ප්‍රේම ජයන්තට මුහුදෙන් හමු වූ තෙල් ඉන්දියාව...
නොපවතින මිනිස්සු
හම්බන්තොට වරායට නැවක් ආවෝ! / A ship in Sri Lanka's...
ආණ්ඩුව අපට සුදු ලූනු පොඩි කරයි / Garlic tax of Sri...
ගැලියෙන් නිදහස් කර ගත් තවත් වහලෙක්
අනන්‍යතා පත්‍රයත් විකුණන් කාපියව්
නන්දාගේ කවිය- සමිත බී. අටුවබැන්දවැව
ඇගේ ගෙලට වෙඩි තබා නිවස අසලදී මරා දමන ලදී
එජාප අර්බුදය හැඳින්වීම සඳහා සුදුසු ම වචනය කාලකන්නි...
සජිත් දිනුම්! රනිල් පරාදයි!
ආතල් කණ්ණාඩිය - Sri Lanka Mirror ඩොට් com(mercial)...
එහෙත් හරි වැස්ස - මෙහෙත් හරි වැස්ස; යාපනයේ මාධ්‍ය ...
ජනතාව කරන හැම බලු වැඩක් ම හරි ද?
ආණ්ඩුවේ කොළඹ දිනීමේ සටනේ නියමුවා සජිත් ප්‍රේමදාස
හදවතට එකඟව වැඩ කළ හැක්කේ හදවත් ඇති මිනිසුන්ට පමණි
From Greese Devils of Sri Lanka to Daniel Kahneman...
ග්‍රීස් යක්කු, ජවිපෙ, ආණ්ඩුව හා ජනමාධ්‍ය
A meaningful legal move against wheat flour terror...
පාන් පිටි ත්රස්තවාදයට එරෙහි නීතිවාදය } Legalism a...
ලංකාවට ද මුරුගසං වරුසාව වැහැලා ය
දුම්රිය මාර්ග ප්රතිකර්මය ලංකාවේ ද අරඹනු
ජනා, ජොනී හා ජනතා නම් සොරු තිදෙනාගේ කතාව
දෑස පුරා සිත නළවන රටාවයි - චත්රපානි පීරිස්
ලබුත් තිත්ත වන අබුද්දස්ස කාලේ හාමුදුරුවන්ට ලැයිසෙං...
වන ජීවීන් වගකිව යුතු තනතුරුවලට පත් කිරීම හා අලි ගණ...
The immensity of unemployment in the Wonder of Asi...
මරියසෙල් ගුණතිලක සොයා අන්තර්ජාලය පීරුවෙමි
එන්න අලි ගන්න; අලි ලාබයි අලි!
අපි ගහමු - නැතිනම් ගුටි කමු
Is Sri Lanka government's buying time game over?
රජය හා දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡා හිර වේ; ඉදිර...
ආවොත් කරු - පායයි ද හිරු
Radical transformation of Buddhist priest society ...
ජාතික හෙළ උරුමය බෞද්ධ භික්ෂු සංඝයේ කරන රැඩිකල් විප...
Terrorizing and chasing away of Jaffna people to s...
මහජනයා භීෂණයට පත් කර පන්නා දමා පාර්ලිමේන්තු නියෝජි...►July
(34)►June
(42)►May
(33)►April
(24)►March
(35)►February
(28)►January
(45)►2010
(746)►December
(44)►November
(42)►October
(44)►September
(51)►August
(41)►July
(44)►June
(37)►May
(59)►April
(67)►March
(61)►February
(110)►January
(146)►2009
(743)►December
(140)►November
(169)►October
(166)►September
(102)►August
(76)►July
(84)►June
(6)හමු විය හැකි තැන්Twitter
FacebookFacebook BadgeAjith Perakum JayasingheCreate Your BadgeGoogle+ Followersඅප සමග එක්වන්නමෙතෙක් කියැවූ පිටු ගණනපසුගිය දින තිහේ ජනප්‍රිය ලිපි - Popular posts in last 30 daysSri Lanka's Hambanthota loses hosting rights of 2018 Commonwealth Gamesසමන්තභද්‍රගේ දාන සාදය තේරුම් ගන්නේ කෙසේ ද?නුගේගොඩ රැළිය කාගේ ජයක් ද?සරදියෙල් අයවැයත් අරන් ඇවිත්දිනූ නිදහස අනතුරේරනිල් - ජෝන් - මහින්ද අශුද්ධ සන්ධානයක් ඇති වන හේතුව මෙන්නනිදන් වදුලක් හමු වුණා - මිළ ගණන් ඉදිරිපත් කරන්නජෝන් අමරතුංග මැරවරයා ඇමති ධුරයෙන් පහ කරනු!නෙත් එෆ්. එම්. බැලුම්ගල හා මාධ්‍ය ත්රස්තවාදයමොහාන් පීරිස් හිතවාදීන්ට අභියෝගයක්ලිපි ගෙන්වා ගන්න - Follow by emailවැදගත් සබැඳිConstitution of Sri Lanka - English
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිංහලෙන්FeedsW3Lanka. Simple template. Template images by imagedepotpro. Powered by Blogger.
Cached version of the page in our index (Crawled on Saturday 2015 February 28. Content May have changed without any notice. All rights reserved by the original author/publisher. සස්රුත විසින් සංගෘහිත දත්ත. දැනුම් දිමකින් තොරව දත්ත වෙනස් වී තිබිය හැක.
සියලුම හිමිකම් ප්‍රකාශකයා සතුය.
මුලාශ්‍රය:
http://www.w3lanka.com/2011_08_01_archive.html