W3Lanka : පරිසරයට ආදරය කරන ජනාධිපතිවරයෙක් ලැබීම වාසනාවකි
W3Lankablog by Ajith Parakum JayasinghePagesHome
රස වින්දන
සුන්දර ඉංගිරිසි
පරිවර්තන
දැන්වීම්2015-09-16පරිසරයට ආදරය කරන ජනාධිපතිවරයෙක් ලැබීම වාසනාවකිජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පරිසරයට ඇල්මක් දක්වන පුද්ගලයකු බව ඔහුගේ අදහස් හා ක්‍රියාවලින් පෙනේ. දේශපාලකයන්ට මුදල් හා බලය ගැන හැර වෙනත් දෙයක් ගැන අදහස් තිබීම අමුත්තක් ලෙස දැනෙන තරමට පසුගිය කාලයේ දේශපාලනය පිරිහිණි.විධායක ජනාධිපතිවරයා පරිසර ඇමති වීම ඇත්තෙන් ම ලංකාවේ වත්මන් සංදර්භය තුළ ඉතා වැදගත් ය. පරිසර සංවිධාන, බුද්ධිමතුන් හා සමාජ ක්රියාකාරිකයන් මෙම තත්වයෙන් උපරිම ප්‍ර යෝජන ගන්නට උත්සාහ කළ යුතු ය. පසුගිය කාලයේ ජනාධිපතිවරයා හා ඔහුගේ සහෝදර සමාගම සියතට ගන්නට කිසිදු උත්සාහයක් නො දැරූ අමාත්‍යාංශ අතරින් පරිසර අමාත්‍යාංශය එකක් බව මේ මොහොතේ සිහිපත් වේ.මහා නගර සංවර්ධනය සම්බන්ධ අමාත්‍ය චම්පික රණවක ද පරිසරය පිළිබඳ සංවේදී දේශපාලනඥයන් කිහිප දෙනා අතරින් එක් අයෙකි.සංවර්ධනය හා පරිසරය අතර ඇති සදාකාලික ගැටුම කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය බුද්ධිය හා හැඟීම් මේ දෙපළගෙන් ලැබෙනු ඇතැයි සිතිය හැකි ය. සරළව කීවොත්, මනරම් පරිසරයක් හිමි ශ්‍රී ලංකාව සංවර්ධනය විය යුත්තේ ඒ පරිසරය, එහි ජීවත් වන මිනිසුන්, ඔවුන්ගේ ජන ජීවිතය සතුන්, ගහකොළ සමග රැකගෙන එය වඩා සුන්දර වන අයුරින් ය. එසේ නැතිව, පදිංචිකරුවන් පළවා හරිමින් හෝ කොංක්‍රීට් ගොඩගසමින් හෝ නො වේ.පරිසරය සම්බන්ධයෙන් තවත් වැදගත් අමාත්‍යාංශ කීපයක් වන්නේ අධ්‍යාපන, ජනමාධ්‍ය හා පළාත් පාලන අමාත්‍යාංශයි.කසල කළමනාකරණය සම්බන්ධ මූලික වගකීම පැවරෙන්නේ පළාත් පාලන ආයතනවලට වුව ද, එම ඒවාට පමණක් විසඳාගත නො හැකි තරමට ප්රශ්නය සංකීර්ණ ය. හරි නම් ලංකාවට ප්රතිචක්රීයකරණ අමාත්‍යාංශයක් අවශ්‍ය මට්ටමට අපද්‍රව්‍ය කළමනාකරණය ගැඹුරු ප්‍රශ්නයක් වී තිබේ.ප්රතිචක්රීයකරණ කර්මාන්තවලට උපරිම සහන ලබා දී ආයෝජකයන් ඒ කෙරෙහි දිරි ගැන්විය යුතු ය. ඉවත ලන පොලිතින් හා ප්ලාස්ටික්වලින් පෙට්‍රෝලියම් ඉන්ධන නිපදවන කර්මාන්තශාලාවක් දැන් හොරණ ක්‍රියාත්මක වේ.
ලංකාවේ පරිසරය විනාශ වන්නට බලපාන තවත් ප්‍රධාන ගැටලුවක් ඇත්තේ පුරවැසි ආකල්පවල ය. ඉවක්, බවක් නැතිව පොලිතින් හා ප්ලාස්ටික් භාවිතා කිරීම, තැන - නො තැන නො බලා පොලිතින්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම හා ඒවා පිළිස්සීම නිසා බරපතල පාරිසරික ප්‍රශ්න ඇති වී තිබේ.අධික ලෙස පොලිතින්, ප්ලාස්ටික් සමාජයට නිකුත් කරන සුපිරි වෙළඳසල් වැනි ආයතන ද අපද්‍රව්‍ය කළමනාකරණයට සම්බන්ධ කර ගත යුතු ය.සමාජය ඇබ්බැහි වී තිබෙන නරක පාරිසරික පුරුදු දුරලීම සඳහා අධ්‍යාපනය ලබා දීමේදී පාසලට හා ජනමාධ්‍යවලට සුවිසල් කාර්යභාරයක් පැවරේ.මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්නඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterestමේ ලිපිය කොහොමද?2 comments:Maathalan - Priyantha HewageSeptember 16, 2015 at 10:30 PMමාරම ආදරෙයි නේන්නම්... ඒකනෙ රිෂාඩ්ලා විජිතමුනි සොයිසලා එහෙම යහපාලනෙත් කිසි අවුලක් නැතිවම ඉන්නේ...ReplyDeleteAjith Perakum JayasingheSeptember 17, 2015 at 3:29 AMමෛත්‍රීගේ අවුල නිර්මානය වන්නේ ශ්‍රීලනිපයට ආදරය කිරීම නිසායි. මෛත්‍රීගේ මේ අවුල රටේ ම අවුලක් වී තිබේ. ශ්රීලනිපය සම්බන්ධයෙන් මෛත්‍රී ද මහින්ද මෙන් ක්‍රියා කරනවා නම් අවුලක් නැත. ReplyDeleteAdd commentLoad more...අපට කිසිවක් තනිව කළ නො හැකි ය. තනිව කරන්නේ යයි අප සිතන දේට ද තවත් බොහෝ අය දායක වී තිබේ.Older PostHomeSubscribe to:
Post Comments (Atom)LinkWithinමෙතෙක් කියැවූ පිටු ගණනපරිවර්තන - Translationsදැන් හරිම ලේසියි. So easy nowපරිවර්තන / Translationsඅපි ඔබට සිංහලෙන් ඉංග්‍රීසියට හෝ ඉංග්‍රීසියෙන් සිංහලට වෘත්තිකමය පරිවර්තන සේවා සපයමු.We provide you professional translation services between Sinhala and English languages.Call: +94 775583470 or contact ajithperakum(at)gmail.comFor more details click hereSearch This BlogLoading...පැරණි ලිපි - Archive▼2015(332)▼September(16)
පරිසරයට ආදරය කරන ජනාධිපතිවරයෙක් ලැබීම වාසනාවකි
කොමීඩියන් ඩිව් ගුණසේකර
තවත්කොටදෙනියාවක් ඇති නො වීමට
මරණ දඬුවම හා ලක්ශාන්ත නම් කවියා
අම්මලාත් විකුණන ෆේස්බුක් පුතාලා
සමාජය විනයගත කිරීම පාරෙන් අරඹමු. පොලිසිය දුටු විට ...
ඇමති මණ්ඩලය ගැන කතා යට කතා
වෙනස සැප ද?
ප්‍රාදේශීය මාධ්‍යකරුවන්ගේ ජීවිත සූරා කන මාධ්‍ය ආයත...
වෑත්තෑවේ කුසුම්රුවන් (සාහිත්‍ය මාසය වෙනුවෙනි)
ආදරණීය ද වික්ටෝරියා?
අලුත් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය නව ලිබරල් ද?
විමල් දැන් ලොකු ළමයෙක් ද?
සිරාගෙ කාමරේ ලියන සිරා කොලුවා එක්ක දාපු සිරා චැටක්...
සංගක්කාර බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්කම භාර ගනීවි ද?
කෝක් ඉස් ඉට්!►August(41)►July(35)►June(35)►May(35)►April(48)►March(37)►February(35)►January(50)►2014(346)►December(37)►November(29)►October(33)►September(26)►August(29)►July(31)►June(33)►May(27)►April(30)►March(24)►February(21)►January(26)►2013(306)►December(23)►November(21)►October(30)►September(29)►August(26)►July(30)►June(32)►May(28)►April(19)►March(18)►February(21)►January(29)►2012(298)►December(19)►November(27)►October(26)►September(22)►August(19)►July(22)►June(22)►May(34)►April(36)►March(24)►February(19)►January(28)►2011(439)►December(40)►November(34)►October(36)►September(35)►August(53)►July(34)►June(42)►May(33)►April(24)►March(35)►February(28)►January(45)►2010(746)►December(44)►November(42)►October(44)►September(51)►August(41)►July(44)►June(37)►May(59)►April(67)►March(61)►February(110)►January(146)►2009(743)►December(140)►November(169)►October(166)►September(102)►August(76)►July(84)►June(6)හමු විය හැකි තැන්Twitter
FacebookGoogle+ Followersඅප සමග එක්වන්නFeedsවැදගත් සබැඳිConstitution of Sri Lanka - English
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිංහලෙන්ලිපි ගෙන්වා ගන්න - Follow by emailපසුගිය දින තිහේ ජනප්‍රිය ලිපි - Popular posts in last 30 daysවිමල් දැන් ලොකු ළමයෙක් ද?විමල් වීරවංශ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ අවසාන රැළිවලදී පැවැත්වූ “සිරිසේන................ කෝ මේ සිරිසේන............." කතාව මහත් ආ...කෝක් ඉස් ඉට්!අප කොකා කෝලා අර්බුදය ගැන කිසිවක් නො ලියන්නේ ඇයිදැයි අපේ පාඨකයෙක් අපෙන් විමසුවේ ය. දැන්වීම්වලින් යැපෙන ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය කොකා කෝලා වි...ප්‍රාදේශීය මාධ්‍යකරුවන්ගේ ජීවිත සූරා කන මාධ්‍ය ආයතනහිඟුරක්ගොඩ ප්‍රාදේශීය මාධ්‍යවේදියකු වන කේ. එච්. ප්‍රියන්ත රත්නායක මහතා (46) මින්නේරිය සමගිපුරදී වල් අලි ප්‍රහාරයකට ලක්ව මිය යාම අතිශය කණ...ජනතාවට පෙම් කිරීම හෝ වෛර කිරීම දේශපාලනය නො වේඅජිත් පැරකුම් ජයසිංහ වන මම 1989 මැයි මාසයෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ කිසිදු කාර්යයක යෙදී නැත. ඉන් පසු වසර පහක පමණ කාලයක් හිරු කණ්...වෙනස සැප ද?මේ පසුගිය මහ මැතිවරණයට පෙර මහින්ද රාජපක්ෂ සමග සිටි වෘත්තීයවේදීන් විසින් පවත්වන ලද සම්මන්ත්රණ මාලාවක තේමාවයි. ඔවුන්ට කියන්නට අවශ්‍ය වුණේ...සිරාගෙ කාමරේ ලියන සිරා කොලුවා එක්ක දාපු සිරා චැටක්මේ චැට දැම්මෙ මට මතක විධියට ජනාධිපතිවරණෙටත් කලින්. මම ඒ වෙලාවෙ කිව්වා මම ඒ අදහස් ටික පළ කරනවා කියලා. ඒත් ඒක සංස්කරණය කරලා පළ කරන්න බැරි වු...ජවිපෙ නො කළ යුතුව තිබුණේ කුමක් ද?ජනතා විමුක්ති පෙරමුණට ලැබුණු ඡන්ද ප්‍රතිඵලය පිළිබඳ මේ වන විට පුළුල් සංවාදයක් ඇති වී තිබේ. තමන් මීට වඩා ප්‍රතිඵලයක් අපේක්ෂා කළ බව ජවිපෙ නාය...පෙසප විසින් ජවිපෙ නැටවීම හෙවත් වලිගය විසින් බල්ලා වැනීමමෙවර මහ මැතිවරණය ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර වෙනස පෙන්වූ අවස්ථාවකි.ජවිපෙ ඡන්ද ලක්ෂ පහකට වඩා ලබා ගත් අතර පෙසප ...ඇමති මණ්ඩලය ගැන කතා යට කතාමේ දිනවල රටේ කතාබහට පත් වන ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ එජාප - ශ්‍රීලනිප හවුල් ආණ්ඩුවේ ඇමති මණ්ඩලයයි. ඇමති තනතුරු බෙදා දී තිබෙන ආකාරය අනුව යහප...W3Lanka. Simple template. Template images by aleksandarvelasevic. Powered by Blogger.
Cached version of the page in our index (Crawled on Thursday 2015 September 17. Content May have changed without any notice. All rights reserved by the original author/publisher. සස්රුත විසින් සංගෘහිත දත්ත. දැනුම් දිමකින් තොරව දත්ත වෙනස් වී තිබිය හැක.
සියලුම හිමිකම් ප්‍රකාශකයා සතුය.
මුලාශ්‍රය:
http://www.w3lanka.com/2015/09/blog-post_7.html