කෘතගුණ සමගින් ආදරය දක්වමු
"කෘතගුණ" යනුවෙන් හැඳින්වෙන්නේ කෘතගුණ සමගින් ආදරය දක්වමු (අමානා ටකාෆුල්) විසින් රෝහල් ගතවීමේදී දැරීමට සිදුවන වියදම් ආවරණය කිරීම සඳහා අවුරුදු 55 ට වැඩි පුද්ගලයින් සඳහා විශේෂයෙන් සැලසුම් කරන ලද රක්ෂණ සැලසුමකි. "කෘතගුණ" යන්නෙහි අදහස වඩාත් අර්ථවත් කරමින් අපගේ දෙමාපියන් සහ වැඩිහිටියන් විසින් කරන ලද මෙහෙවර ඇගයීමේ උදාර අරමුණ වෙනුවෙන් රක්ෂණ ක්ෂේත්රයේ පෙර නොවූ විරූ මෙම රක්ෂණ සැලසුම කෘතගුණ සමගින් ආදරය දක්වමු විසින් හඳන්වා දී ඇත. "වර්තමාන සමාජයේ කාර්යය බහුලත්වය සහ විවිධවූ වගකීම් රාජකාරී හමුවේ අපගේ ආදරණීය දෙමාපියන් වෙනුවෙන් අපි සිදුකළයුතු යුතුකම් වගකීම් මගහැරීයාමේ ප්රවනතාවයක් දැක්නට තිබෙනවා. කෘතගුණ සමගින් ආදරය දක්වමු "කෘතගුණ" රක්ෂණ සැලසුම තම දෙමාපියන් අසනීපවූ විටදී සහ ඔවුන් රෝහල්ගත කිsරීමට සිදුවූ අවස්ථාවන්හිදී මුල්‍යමය සහයෝගය ලබාදෙනවා" යනුවෙන් අමානා ටකාෆුල් ආයතනයේ අලෙවි සහ වෙළඳ ප්‍රවර්ධන සාමාන්‍යාධිකාරී ආදිල හාෂිම් මහතා පැවැසීය. මෙම රක්ෂණාවරණය මගින් ප්රතිලාභ ගණනාවක් හිමිවේ. මේවායින් කිහිපයක් ලෙසට රෝහල් ගාස්තු, ගිලන්රථ සේවා, රෝaදපුටු සඳහා අරමුදල් ලබාදීම හැඳින්විය හැක. මීට අමතරව කෘතගුණ මගින් රෝහල් ගත කිරීමෙන් පසුව සිදුකරනු ලබන වෛද්‍ය පරීක්ෂණ, ඖෂධ මිළදී ගැනීම සහ රෝහල් ගත කිරීමෙන් පසුව ආපසු නිවසට පැමිණි විටදී අවශ්‍ය නේවාසික හෙද සේවාවන් සඳහා වන වියදම්ද ආවරණය කරනු ලබන අතර මෙය ළමුන්ට සහ දෙමාපියන් යන දෙපාර්ශවයටම මහත් සැනසිල්ලක් වනු ඇත. ඔබට වඩාත් හොඳින් ගැලපෙන රක්ෂණාවරණය තෝරාගැනීම සඳහා කෘතගුණ යටතේ රක්ෂණ සැලසුම් තුනක් ඉදිරිපත් කර ඇති අතර වයස අවුරුදු 55 ට වැඩි සියලුම ශ්‍රී ලාංකිකයින්ට මෙම පහසුකම දැන් ලබාගත හැකිය. මීට අමතරව කෘතගුණ රක්ෂණාවරණය හරහා දෙවන වසරේ සිට පෙර පැවැති රෝග තත්තAවයන්ද ආවරණය කරනු ලබයි. මෙය රෝහල්ගතවීම් සඳහා වූ අනෙකුත් රක්ෂණාවරණවල නොමැති සුවිශේෂී ගුණාංගයකි.
Cached version of the page in our index (Crawled on Sunday 2016 May 01. Content May have changed without any notice. All rights reserved by the original author/publisher. සස්රුත විසින් සංගෘහිත දත්ත. දැනුම් දිමකින් තොරව දත්ත වෙනස් වී තිබිය හැක.
සියලුම හිමිකම් ප්‍රකාශකයා සතුය.
මුලාශ්‍රය:
http://www.divaina.com/2016/05/01/economic04.html