ධම්මපදය - සුඛ වග්ගය
ජිගච්ඡාපරමා රෝගා
සංඛාරපරමා දුඛා
ඒතං ඤත්වා යථාභූතං
නිබ්බාණං පරමං සුඛං
රෝගයෝ බඩගින්න කෙළවර කොට ඇත්තාහ, හෙවත් රෝග අතුරෙන් ඉතා ම උසස් රෝගය බඩගින්නයි. සියලු දුක් සංස්කාරයන් කෙළවර කොට ඇත්තාහ, හෙවත් ඇති ව නැතිවන අනිත්‍ය ස්වභාවය ලෝකයේ අන් හැම ඉක්මවා සිටී. මේ කරුණු තත්ත්වාකාරයෙන් දැන නිවන උතුම් සැපය ය යි දැන ගන්නේ ය.