ධම්මපදය - භික්ඛු වග්ගය
තත්රායමාදි භවති
ඉධ පඤඤසස භිකඛුනො
ඉනද්රියගුතති, සනතුටඨි,
පාතිමොකෙඛ ච සංවරො,
මිතෙත භජසසු කල්යාණෙ
සදධාජීවෙ අතනදිතෙ
පටිසනථාරවුතත්යසස
ආචාරකුසලො සියා
තතො පාමොජජබහුලො
දුකඛසසනතං කරිසසසි
මේ සස්නෙහි නුවණැති භික්ෂුව ට මතු කියන කරුණු දුක් නැසීමට මුල් වෙයි. ඇස ආදී ඉන්ද්රියයන් සංවර කිරීම එකකි. ලද දෙයින් සතුටු වීම එකකි. පිරිසිඳු ව ජෙවත් වීමක් ඇති කුසීත නො වූ යහපත් මිතුරන් ආශ්රය කළ යුතු ය. ආහාරපානාදියෙන් හා ධර්මයෙන් අනුන් ට සංග්රහ කරන ස්වභාව ඇත්තකු විය යුතුය. වත් පිළිවෙත් හි දක්ෂයකු විය යුතුය. ඉක්බිති සතුටින් යුක්ත වුයේ දුක් කෙළවර කරන්නෙහිය.