ධම්මපදය - යමක වග්ගය
මනොපුබ්බංගමා ධම්මා
මනොසෙට්ඨා මනොමයා
මනසා චෙ පදුට්ඨෙන
භාසති වා කරොති වා
තතො නං දුක්ඛමන්වෙති
චක්කංව වහතො පදං
කුශලාකුශල ධර්මයෝ සිත පෙරටු කොට ඇත්තෝ ය, සිත ප්‍රධාන කොට ඇත්තෝ ය. සිතින් ම උපන්නාහු ය. ඉදින් යමෙක් දූෂ්‍ය වූ සිතින් ක්‍රියා කෙරේ නම්, නපුරු වචන කියා නම් ඒ කරණකොට දුක ඔහු පසු පස්සේ ගමන් කරයි. (කුමක් මෙන් ද?) කරත්තේ බැඳී ගොනා ගේ පය අනුව යන රෝදය මෙනි.