ධම්මපදය - සහස්ස වග්ගය
යං කිංචි යිට්ඨං ව හුතං ව ලෝකේ
සංවච්ඡරං යජේථ පුඤ්ඤපේඛෝ,
සබ්බම්පි තං න චතුභාගමේති
අහිවාදනා උජ්ජුගතේසු සෙය්‍යෝ
පින් බලාපොරොත්තු වන්නා වූ යමෙකු මේ ලෝකයෙ හි ඇති තාක් යාගයන් හෝ ගිනි පූජා නැමැති හෝමයන් අවුරුද්දක් මුළුල්ලේ කළ ත් ඒ සියල්ල ආර්ය පුද්ගලයෙකුට කරන වැඳීමෙන් සතරෙන් කොටසකුත් වටින්නේ නො වේ. ආර්ය පුද්ගල නමස්කාරය යාගයන් ට වඩා ශ්‍රේෂ්ඨ යි.