ධම්මපදය - පුෂ්ප වග්ගය
යථාපි භමරො පුප්ඵං
වණ්ණගන්ධං අහේඨයං
පලේති රසමාදාය
ඒවං ගාමේ මුනී චරේ
යම් සේ බමරෙක් (හෝ මීමැස්සෙක්) මලක් වෙතට පැමිණ මලේ තිඛෙන වර්ණයට හෝ සුවඳට හානියක් නොකොට රොන් හා මල් පැණි රැගෙන යන්නේ ද, එමෙන් භික්ෂුතෙම ගමේ මිනිසුන්ට කරදර නොවන සේ (ඔවුන්ට හානියක් නොකොට) ගමෙහි හැසිරෙන්නේ ය.