ධම්මපදය - මල වග්ගය
පණ්ඩුපලාසොව දානිසි
යමපුරිසාපි ච තං උපට්ඨිතා
උය්යොගමුඛෙ ච තිට්ඨසි
පාථෙය්යම්පි ච තෙ න විජ්ජති
තෝ දැන් පඬුවන් වී ගිය කොළයක් මෙන් ජරාවට පැමිණියෙහි, යමදූතයෝ ත් (මැරෙන ලකුණු ත්) තා කරා එළඹ සිටියා හ. පිරිහීමේ කෙළවරට පැමිණ සිටින්නෙහි. තට (පරලොව ගමනට) මාර්ගෝපකරණ ද නැත.