ධම්මපදය - ජරා වග්ගය
කො නු හාසො කිමානන්දො
නිච්චං පජ්ජලිතෙ සති?
අන්ධකාරෙන ඔනද්ධා
පදීපං න ගවෙස්සථ?
මේ ශරීරය (රාග, ද්වේශ, මෝහ, ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස්, බලවත් සිත් තැවිල්ල යන) ගිනි එකොළොසකින් නිතර දැවෙන කල් හී කවර සිනාවක් ද? කවර ප්රීතියක් ද? මෝහන්ධකාරයෙන් වැඩී ගිය තෙපි එය දුරු කර ගැනීමට නුවණ නැමැති පහනක් නො සොයව් ද?