ධම්මපදය - කෝධ වග්ගය
මනෝපකෝපං රක්ඛෙය්ය,
මනසා සංවුතෝ සියා
මනෝදුච්චරිතං හිත්වා
මනසා සුචරිතං චරේ
සිතට වැදගන්නා ඊර්ෂ්යා මානාදිය දුරු කරන්නේ ය. සිතින් සංවරයට පැමිණෙන්නේ ය. (පවිටු සිතුවිලිවල ට ඉඩ නො දීම සිත සංවර කිරීම යි) දැඩි ලෝභය ආදී මනෝදුශ්චරිතය දුරු කොට සිතින් සුචරිතයෙ හි හැසිරෙන්නේ ය.