ධම්මපදය - අරහන්ත වග්ගය
යෙසං සන්නිචයො නත්ථී,
යෙ පරිඤ්ඤාතභොජනා,
සුඤ්ඤතො අනිමිත්තෙච
විමොක්ඛො යස්ස ගොචරො,
ආකාසෙව සකුන්තානං
ගති තෙසං දුරන්නයා.
යම් කෙනෙකු ගේ ආහාර වස්ත්‍රාදිය රැස් කිරීමක් නැද්ද, යම් කෙනෙක් ආහාරයාගේ තත්ත්වය පිරිසිද දනිත් ද, යම් කෙනෙකුන්ට (රාග ද්වේශාදියෙන් ශුන්‍ය බැවින්) සුඤ්ඤත නම් වූත් (රාගාදි නිමිති නැති බැවින්) අනිමිත්ත නම් වූත් නිවණ අරමුණු වේද, ඔවුන් ගේ ගමන හෙවත් ඔවුන් ගිය තැන නොදත හැකි ය. කුමක් මෙන්ද ? අහසෙහි යන පක්ෂීන්ගේ ගමන්මග නොසෙවිය හැකිවාක් මෙනි.