ධම්මපදය - නිරය වග්ගය
අපුඤ්ඤලාභෝ ච, ගතිච පාපිකා,
භීතස්ස භීතාය රතී ච ථොකිකා,
රාජා ච දණඩං ගරුකං පණෙති,
තස්මා නරො පරදාරං න සේවේ
පරදාර සේවනයෙන් අකුසල් රැස් වීම ද දුගතියක ඉපදීමද සිදු වේ. බියපත් වූවකු සමග බියපත් ස්ත්රියක ගේ කාමාස්වාදය ද අල්ප වේ. රජ හෙවත් ආණ්ඩුව ද බරපතල දඩුවම් පමුණුවයි. එහෙයින් පරදාරාවන් සේවනය නො කරන්නේ ය.