ධම්මපදය - බාල වග්ගය
යෝ බාලෝ මඤ්ඤති බාල්යං
පණ්ඩිතෝ වාපි තේන සෝ,
බාලෝ ච පණ්ඩිතමානී
ස වේ බාලෝති වුච්චති.
යම් නුවණ මද අයෙක් තමාගේ අඥානභාවය දනීනම් ඒ දැනීම නිසා ඔහුට පණ්ඩිතයෙකැ යි කිව යුතුවේ. (තමා අඥානයෙකු බව වටහා ගත හැක්කේ ස්වල්පයක් හෝ නුවණ ඇත්තෙකුටය.) තමා උගතෙකැයි සිතා සිටින අඥානයා ඒකාන්තයෙන්ම මෝඩයා යයි කියනු ලැබේ.