ධම්මපදය - චිත්ත වග්ගය
කුම්භූපමං කායමිමං විදිත්වා
නගරූපමං චිත්තමිදං ඨපෙත්වා
යොධෙථ මාරං පඤ්ඤායුධෙන
ජිතං ච රකෙඛ, අනිවෙසනො සියා
මේ කය මැටි භාජනයක් වැනි ය යි දැන, මේ සිත (මනාසේ රැකි) නුවරක් මෙන් පිහිටුවා, ප්‍රඥා නැමැති ආයුධයෙන් මාරයා හා යුද්ධ කරව්. (එ සේ යුද්ධ කොට) දිනා ගත් දේ රැකගත යුතු යි. (සිත එකඟකොට සමාපත්තියකට ඇතුල් වූ පමණින්) සෑහීමට පත් නො විය යුතු යි. (ශරීරය බිඳී යන මැටි බඳුනක් සේ අනිත්‍ය දැන, ඒ භාවනාව නිසා කෙලෙස් සතුරන්ට ළං විය නො හැකි බැවින් තමාගේ සිත සුරැකි නුවරක් මෙන් කොට කෙලෙස් සතුරන් හා යුද්ධ කළ යුතු ය යි දක්වන ලදී.)