ධම්මපදය - ධම්මට්ඨ වග්ගය
අසාහසේන ධම්මේන
සමේන නයතී පරෙ,
ධම්මස්ස ගුත්තෝ මේධාවී
ධම්මට්ඨෝති පවුච්චති
යම් නුවණැත්තෙක් යුක්තියත් අයුක්තියත් දෙක නිශ්චය කොට, ඉක්මන් නො වී යුක්ති ධර්මයට අනුව අන්‍යයන් ජය පරාජය ට පමුණුවයි ද ධර්මය විසින් රක්නා ලද ඒ බුද්ධිමතා විනිශ්චය කාරයා යයි කියනු ලැබේ.