ධම්මපදය - පුෂ්ප වග්ගය
පුප්ඵානි හෙ'ව පචින්නතං
බ්යාසත්තමනසං නරං
අතීත්තං යේව කාමේසු
අන්තකො කුරුතේ වසං
පඤ්චකාමයන් නැමැති මල් පමණක් රැස් කරන්නා වූ, විශේෂයෙන් එ හි ඇලූණු සිත් ඇති මිනිසා ඒ කාමයන් හී තෘප්තිය ට නො පැමිණ සිටි කල්හි ම මාර තෙමේ තමා ගේ වසඟයට ගනී.