ධම්මපදය - සහස්ස වග්ගය
යෝ සහස්සං සහස්සේන
සංගාමෙ මානුසේ ජිනේ,
ඒකං ච ජෙය්‍ය අත්තානං
ස වේ සංගාමජුත්තමෝ.
යමෙක් යුද්ධයක දී දහසෙන් ගුණ කළ දහසක් (දශලක්ෂයක්) මිනිසුන් ජය ගනී ද, යමෙක් තමා ගේ එකම ආත්මය ජයගනී ද, ඒ දෙවෙනි පුද්ගලයා ජයගන්නා මිනිසුන් අතරෙහි ශ්‍රේෂ්ඨයි.