ධම්මපදය - කෝධ වග්ගය
අක්කෝධේන ජිනේ කෝධං
අසාධුං සාධුනා ජිනේ
ජිනේ කදරියං දානේන
සච්චේන අලිකවාදිනං
ක්‍රෝධ කරන පුද්ගලයාට ක්‍රෝධ නො කිරීමෙන් ඔහු පැරදවිය යුතු යි, හෙවත් ක්‍රෝධ නො කිරීමෙන් ක්‍රෝධය ජය ගත යුතු. අසත්පුරුෂයා සත්පුරුෂ ගුණයෙන් පැරදවිය යුතු. තද මසුරා යම් යම් දේ දීමෙන් ජය ගත යුතු. බොරු කියන්නා ඇත්ත කීමෙන් පැරදවිය යුතු.