ධම්මපදය - මග්ග වග්ගය
උචඡින්ද සිනෙහමත්තනො
කුමුදං සාරදිකංව පාණිනා
සනතිමග්ගමෙව බ්රෑහය
නිබ්බාණං සුගතේන දේසිතං
සරත් කාලයෙ හි (හෙවත් වප්-ඉල් දෙමස තුළ) හට ගත් හෙළ මානෙල් මලක් අතින් කඩන්නා සේ තමා තුළ පවත්නා ස්නේහය කඩා දමව. ශාන්ති මාර්ගයම වඩව. නිවණ ශාන්තියකැයි බුදුරදුන් විසින් දෙසන ලදී.