ධම්මපදය - කෝධ වග්ගය
කායේන සංවුතා ධීරා
අථෝ වාචාය සංවුතා,
මනසා සංවුතා ධීරා
තේ වේ සුපරිසංවුතා
යම් පණ්ඩිත කෙනෙක් කයින් (දුශ්චරිත නො කිරීමෙන්) සංවරයට පැමිණියාහු ද, වචනයෙන් සංවරයට පැමිණියාහු ද සිතින් සංවරයට පැමිණියාහු ද, ඔවුහූ ඒකාන්තයෙන් මනා සංවරයට පැමිණියාහු වෙති.