ධම්මපදය - සුඛ වග්ගය
ධීරං ච පඤ්ඤං ච බහුස්සුතංච
ධෝරයහසීලං වතවන්තමාරියං
තං තාදිසං සප්පුරිසං සුමේධං
භජේථ නක්ඛත්තපථං ව චන්දිමා
එහෙයින් (උඩ කී කරුණු නිසා) උගත් දෙය දරණ නුවණැති, විශේෂයෙන් තත්වය දැන ගන්නා නුවණැති, බොහෝ දේ අසා ඇති, රහත් මගට පමුණුවන පිළිවෙත නැමැති ධූරය උසුලන, ශීලවන්තයන්ගෙන් යුක්ත වූ, ආර්යය භාවයට පත්, මනා නුවණැති එවන් සත්පුරුෂයන් සේවනය කරන්නේ ය, (කුමක් මෙන් ද?) චන්ද්රයා තාරාපථ නමැති අහස සේවනය කරන්නාක් මෙනි.