ධම්මපදය - නාග වග්ගය
වරමස්සතරා දන්තා,
ආජානීයා ච සින්ධවා,
කුඤ්ජරා ච මහානාගා,
අත්තදන්තො තතො වරං.
හික්මුනා වූ මිශ්ර අශ්වයෝ ද, අදහස් වහා දැනගන්නා සින්ධු දේශයෙහි උපන් අශ්වයෝ ද, කුංජර නම් වූ මහා ඇත්තු ද, උතුම් වෙති. තමා හික්මවා ගත් පුද්ගලයා ඒ සියල්ලට ම වඩා උතුම් ය.