ධම්මපදය - තණ්හා වග්ගය
යස්ස ඡතතිංසති සොතා
මනාපස්සවණා භූසා
වාහා වහන්ති දුද්දිට්ඨිං
සංකප්පා රාගනිසසිතා
සැඩ පහරවල් තිස් හයකින් යුක්ත වූ, ප්රියමනාප අරමුණු කරා ගලා බස්නා යමෙකු ගේ තෘෂ්ණා නැමැති ගඟ බලවත් වේ ද, රාග නිශ්රිත වූ කාම විතර්කාදී ඒ සැඩ පහරවල් විපරිත බුද්ධි ඇති ඒ පුද්ගලයා අපායට ගෙන යත්.