ධම්මපදය - යමක වග්ගය
ඉධ තප්පති, පෙච්ච තප්පති
පාපකාරී උභයත්ථ තප්පති
පාපං මෙ කතන්ති තප්පති
භිය්යො තප්පති දුග්ගතිං ගතො
පව් කරන්නා මෙලොව දී ත් තැවේ, පරලොව දී ත් තැවේ, දෙලොව දී ම තැවේ. හෙතෙම 'මා විසින් පවක් කරන ලදැ' යි සිතා (මෙලොව දී) තැවෙයි. පරලොව දී දුගතියකට පැමිණියේ (දුක් විදිමින්) බොහෝ සේ තැවෙයි.