ධම්මපදය - නාග වග්ගය
ඉදං පුරෙ චිත්තමචාරි චාරිකං,
යෙනිච්ඡකං යත්ථකාමං යථාසුඛං,
තදජ්ජහං නිග්ගහෙස්සාමි යොනිසො,
හත්ථිප්පභින්නං විය අඞ්කුසග්ගහො.
මේ සිත පූර්වයේ දී යම් ආකාරයකින් හැසිරෙන්නට කැමති නම් එ සේ ද, යම් තැනක හැසිරෙන්නට කැමති නම් එ තැන ද, සැපසේ හැසිරුනේ ය. අද මම හෙන්ඩුව ගත් ඇත් ගොව්වා මද කිපුණු ඇතෙකු හික්මවන්නා සේ ඒ සිත හික්මවීමි.