ධම්මපදය - මල වග්ගය
නත්ථී රාගසමො අග්ගි,
නත්ථී දොසසමො ගහො,
නත්ථී මොහසමං ජාලං,
නත්ථී තණ්හාසමා නදී
රාග ගින්නට සමාන ගින්නක් නැත. ද්වේෂයට සමාන දැඩි අල්ලා ගැනීමක් නැත. මෝහය වැනි අවුල් ජාලයක් (දැලක්) නැත. තෘෂ්ණාව වැනි ගංගාවක් නැත¡ (දැඩි අල්ලා ගැනීම නම් බද්ධ වෛරයයි. දැලකට අසු වූ සත්ත්වයන් මැරෙන්නේ එක් වරකි. තෘෂ්ණා නමැති දැලට අසුවූවෝ එයින් මිදෙන තුරු අනන්ත වාරයක් මරණයට පත් වෙති)