ධම්මපදය - දණ්ඩ වග්ගය
සචේ නෙරේසි අත්තානං
කංසෝ උපහතෝ යථා
ඒස පත්තෝසි නිබ්බාණං
සාරම්භෝ තේ න විජ්ජති
බිඳී ගිය ලෝහ තැටියකට ලී කැබැල්ලකින් ගැසූ විට හඩ නො නගීන්නා සේ තමා නිශ්ශබ්ද කර ගත හැකි නම් ඔබ නිවීමට පැමිණියෙකි. එ විට එකටෙක කියාගැන්මක් ඔබ ට ඇති නො වන්නේ ය.