ධම්මපදය - තණ්හා වග්ගය
සබ්බාභිභූ සබ්බවිදුහමස්මි,
සබ්බේසු ධම්මේසු අනූපලිත්තෝ,
සබ්බංජහො තණ්හක්ඛයෙ විමුත්තෝ
සයං අභිඤ්ඤාය කමුද්දිසෙය්යං?
මම සියලූ භවයන් මැඩපවත්වන්නෙක් ද සියල්ල දන්නෙක් ද හැම දෙයෙ හි නො ඇලූනෙක් ද, සියල්ල දුරු කරන්නෙක් ද තෘෂ්ණාව ක්ෂය කරලීමෙන් එයින් නිදහස් වූවෙක් ද වෙමි. තෙමේ ම ධර්මාවබෝධය කොට කවරෙකු (ගුරුවරයා සේ) පෙන්වම් ද?