ධම්මපදය - පණ්ඩිත වග්ගය
යේසං සම්බෝධිඅංගේසු
සම්මා චිත්තං සුභාවිතං,
ආදානපටිනිස්සග්ගේ
අනුපාදාය යේ රතා,
ඛීණාසවා ජුතීමන්තෝ
තේ ලෝකේ පරිනිබ්බුතා
යම් කෙනෙකු ගේ සිත චතුස්සත්යාවබෝධයට උපකාර වූ ධර්මයන් කෙරෙහි මනා සේ වඩන ලද්දේ ද, යම් කෙනෙක් (මම ය මාගේ ය යි සිතා) ගත් දෙය අත් හැරීමෙහි, කාමුපාදානාදිය දුරු කොට, ඇලූනාහුද, ක්ෂය වූ ආශ්රව ඇති ආනුභාව සම්පන්න වූ ඒ උතුමෝ ලෝකයෙ හි පිරිනිවියාහු හෙවත් කෙලෙස් ගිනි නිවාගත්තෝ වෙත්.