ධම්මපදය - ධම්මට්ඨ වග්ගය
න මුණ්ඩකේන සමණො
අබ්බතො අලිකං භණං
ඉච්ඡා ලෝභසමාපන්නෝ
සමණෝ කිං භවිස්සති ?
රකින ශීලයක් නැති බොරු කියන පුද්ගලයා හිස මුඩු කළ පමණින් මහණෙක් නො වේ. නොයෙක් දේ ලබන ආශාවෙන් හා ලැබූ දෙයට ඇලෙන ලෝභයෙන් යුතු පුද්ගලයා කෙ සේ නම් ශ්රමණයෙක් වේ ද?