ධම්මපදය - පකිණ්ණක වග්ගය
යෙසං ච සුසමාරද්ධා
නිච්චං කායගතා සති,
අකිච්චං තෙ න සෙවන්ති,
කිච්චේ සාතච්චකාරිනො
සතාකං සම්පජානානං
අතථං ගචඡන්ති ආසවා
යම් කෙනෙකුන් විසින් කාය ගතා සතිය නිතර වඩනු ලැබේ ද, ඔවුහූ නො කටයුතු (සිරුර ඔප මට්ටම් කිරීම ආදිය) නො කරත්, කළ යුතු භාවනාවෙ හි නිතර යෙදෙත්, සිහි නුවණින් යුතු ව ක්‍රියා කරන ඔවුන් ගේ ආශ්‍රවයෝ විනාශයට යෙත්.