ධම්මපදය - නිරය වග්ගය
සෙය්යො අයොගුළො භූත්තෝ
තත්තෝ අග්ගිසිඛූපමො,
යං චෙ භූඤ්ජෙය්ය දුස්සීලො
රට්ඨපිණ්ඩං අසඤ්ඤතෝ
සිල් රැකීමක් නැති, කායවාක් සංයමයක් නැති පුද්ගලයා විසින් රටවැසියාගෙන් ලත් ආහාරය අනුභව කිරීමට වඩා රත් වූ ගිනි සිලක් වැනි වූ යකඩ ගුලියක් ගිලීම උතුම් ය.