ධම්මපදය - තණ්හා වග්ගය
යො නිබ්බනථො වනාධිමුත්තෝ
වනමුත්තෝ වනමේව ධාවති,
තං පුග්ගලමේවා පස්සථ
මුත්තෝ බන්ධනමේවා ධාවති
යමෙක් ගිහි ගෙයි ඇලීම හැරදමා තපස් රකින වනයෙ හි ඇලී සිට නැවත ඒ තපෝවනයෙන් වෙන් ව ගිහිගෙට යයි ද, බැම්මෙන් මිදී නැවත බැම්මට අසුවීම සඳහා දුවන ඒ පුද්ගලයා දෙස බලව්.