ධම්මපදය - තණ්හා වග්ගය
තසිණාය පුරක්ඛතාපජා
පරිසප්පන්ති සසොව බන්ධිතො
සංයෝජනසංගසත්තා
දුක්ඛමුපෙන්ති පුනප්පුනං චිරාය
තෘෂ්ණාවෙන් බැඳුනු සත්ත්වයෝ මළපුඩුවෙන් බැඳුනු සාවකු මෙන් එහා මෙහා ද ගලත්. කාමරාගාදී දශ සංයෝජනයෙන් හා කාමසංගාදී සංගවලින් බැඳුණු සත්ත්වයෝ බොහෝ කලක් නැවත නැවත දුකට පැමිණෙත්.