ධම්මපදය - පකිණ්ණක වග්ගය
දුප්පබ්බජ්ජං දුරභිරමං,
දුරාවාසා ඝරා දුඛා
දුක්ඛෝසමානසංවාසො,
දුක්ඛානුපතිතද්ධගු
තස්මා න චද්ධගු සියා
දුක්ඛානුපතිතෝ සියා
පැවිදි වීම ද එ හි සිත් ඇලවීම ද අපහසු ය. ගිහි ගෙයි විසීම ත් දුක් සහිත ය. තමාට නො ගැලපෙන්නන් හා විසීම ත් අපහසු ය. සංසාර නැමැති දීර්ඝ මාර්ගයෙ හි ගමන් කිරීම ත් අපහසු ය. එ හෙයින් සසර මග ට පිළිපන්නෙක් නො වන්නේ ය, දුකින් ලූහුබඳීන්නා ලද්දෙක් ද නො වන්නේ ය.