ධම්මපදය - පුෂ්ප වග්ගය
න පුප්ඵගන්ධෝ පටිවාතමේති,
න චන්දනං තගර-මල්ලිකා වා,
සතං ච ගන්ධෝ පටිවාතමෙති,
සබ්බා දිසා සප්පුරිසෝ පවාති.
මල් සුවඳ හෝ සඳුන්-තුවරලා-බෝලිද්ද මල්වල සුවඳ හෝ උඩු සුළඟ ට නොයයි, සත්පුරුෂයන් ගේ සිල් සුවඳ උඩු සුළඟට යයි, සත්පුරුෂ තෙමේ හැම දිශාවන් හී තමාගේ සිල් ගුණ සුවඳ පතුරුවයි.