ධම්මපදය - පණ්ඩිත වග්ගය
න අත්තහේතු, න පරස්ස හේතු,
න පුත්තමිච්ඡේ, න ධනං, න රට්ඨං,
න ඉච්ඡෙය්ය අධම්මේන සමිද්ධිමත්තනෝ,
ස සීලවා පඤ්ඤවා ධම්මිකො සියා
යමෙක් තමා නිසා හෝ අනුන් නිසා පව් නොකරන්නේ නම්, වැරදි මගින් පුතකු හෝ ධනය හෝ රටක් හෝ නො කැමති වන්නේ නම්, අධර්මයෙන් තමාගේ අභිවෘද්ධිය බලාපොරොත්තු නොවන්නේ නම් හෙතෙම සිල්වතෙක්, බුද්ධිමතෙක්, ධාර්මිකයෙක් වන්නේ ය.