ධම්මපදය - පණ්ඩිත වග්ගය
උදකං හි නයන්ති නෙත්තිකා,
උසුකාරා නමයන්ති තේජනං
දාරුං නමයන්ති තච්ඡකා
අත්තානං දමයන්ති පණ්ඩිතා
කුඹුරු ආදියට ජලය ගෙනියන තැනැත්තෝ තමන් කැමති තැනකට (අගල් මගින්) දිය ගෙනයත්, ඊ සාදන්නෝ තමන් කැමති සේ ඊතල සකස් කරත්. වඩුවෝ තමන් කැමති පරිදි ලී නමත්, නුවණැත්තෝ තුමූ ම තමන් හික්මවා ගනිත්, හෙවත් තමන්ගේ සිත දමනය කරත්.