ධම්මපදය - දණ්ඩ වග්ගය
අස්සෝ යථා භද්රෝ කසානිවිට්ඨෝ
ආතාපිනෝ සංවේගිනෝ භවාථ
සද්ධාය සීලේන ච විරියේන ච
සමාධිනා ධම්මවිනිච්ඡයේන ච
සම්පන්නවිජ්ජාචරණා පතිස්සතා
පහස්සථ දුක්ඛමිදං අනප්පකං.
කස පහර ලැබූ යහපත් අශ්වයා නැවත කස පහර නො ලැබීම සඳහා උත්සාහවත් වෙන්නා සේ තොපි ද කෙලෙස් තවන වීර්යයෙන් යුක්ත ව සසරෙ හි කලකිරීම් ඇත්තෝ වව්. ශ්රද්ධාවෙන් ද ශීලයෙන් ද වීර්යයෙන් ද සමාධි වැඩීමෙන් ද ධර්මයෙන් පිරිසිඳු ව දැන ගැන්මෙන් ද ත්රිවිද්යාවන් හා පසළොස්චරණ ධර්මයෙන් ලැබුවාහු, හැම විට ම එළඹ සිටි සිහි ඇත්තෝ ව මේ අනල්ප වූ දුක දුරු කරව්.