ධම්මපදය - තණ්හා වග්ගය
මනුජස්ස පමත්තචාරිනො
තණ්හා වඩ්ඪති මාලූවා විය
සො පලවති හුරාහුරං
ඵලමිච්ඡං ව වනසමිං වානරෝ
ප්රමාදයෙන් යුක්ත ව වසන මිනිසා ගේ තෘෂ්ණාව (ගස් විනාශ කරන) මාලූවා වැලක් මෙන් වැඩේ. හෙතෙම ගෙඩි සොයමින් වනයෙ හි ඒ මේ අත පනින වදුරෙකු මෙන් භවයෙන් භවයට පනී.