ධම්මපදය - යමක වග්ගය
බහුමපි චෙ සහිතං භාසමානො
න තක්කරො හොති නරො පමත්තො
ගොපොව ගාවො ගණයං පරෙසං
න භාගවා සාමඤ්ඤස්ස හොති
ප්රමාදී වූ යම් පුද්ගලයෙක් බොහෝ ධර්මය අනුන් ට කියතත් තමා එය ට අනුව නො පිළිපදින්නේ නම් හෙතෙම අනුන් ගේ ගවයන් ගණන් කරමින් රක්නා ගොපල්ලෙකු මෙන් මහණකමෙන් ලැබිය යුතු ඵලය ට කොටස්කාරයෙක් නො වෙයි. (අනුන්ගේ ගවයන් රකින්නා කිරි ආදි පස්ගෝ රසය ට හිමියෙක් නෙ වෙයි, එ මෙන් ම අනුන්ට බණ කියතත් තමා ඒ ධර්මයෙ හි නො හැසිරෙන්නේ නම් හෙතෙම මාර්ගඵල නො ලබයි)