ධම්මපදය - පකිණ්ණක වග්ගය
මාතරං පිතරං හනත්වා
රාජානො දෙව ච ඛත්තියෙ
රට්ඨං සානුචරං හන්ත්වා
අනීඝො යාති බ්රාහ්මණො
බ්රාහ්මණ තෙමේ මව ද පියා ද ක්ෂත්රිය රජුන් දෙදෙනෙකුන් ද අනුචරයන් සහිත මුළු රටක් ද නසා විපත් නැතිව ගමන් කරයි. (මෙහි මව නම් තෘෂ්ණාව යි. පියා නම් මානය යි. රජ දෙදෙන නම් ශාස්වත උච්ඡෙද දෘෂ්ඨි දෙක යි. අනුචරයා නන්දිරාග යයි. රට නම් ඇස් කන් නාසා ආදී දොළොස් ආයතනයෝ යි.)