ධම්මපදය - පුෂ්ප වග්ගය
සේඛෝ පඨවිං විජෙස්සති
යමලෝකං ච ඉමං සදේවකං
සෙඛෝ ධම්මපදං සුදේසිතං
කුසලෝ පුප්ඵමිව පචෙස්සති
සේඛ පුද්ගලයා මේ පොළොවත්, දෙව්ලෝ සහිත සතර අපායත්, තත්වාකාරයෙන් දැනගනී. සේඛ පුද්ගලයා දක්ෂ මාලාකාරයකු මල් තෝරාගන්නා සේ මනාසේ දෙසූ ධර්මපදයන් අවබෝධ කරයි.(සේඛ පුද්ගලයා නම් සෝවාන් මග පල ලැබූ දෙදෙනා ද, සකෘදාගාමී මග පල ලැබූ දෙදෙනා ද, අනාගාමී මග පල ලැබූ දෙදෙනා ද, රහත් මග පමණක් ලැබූ පුද්ගලයා ද, යන සත් දෙනයි.)