ධම්මපදය - අත්ත වග්ගය
අත්තනාව කතං පාපං,
අත්තනා සංකිලිස්සති
අත්තනා අකතං පාපං
අත්තනාව විසුජ්ඣති
සුද්ධි අසුද්ධි පච්චත්තං
නාඤ්ඤමඤ්ඤෝ විසෝධයේ.
තමා විසින්ම කරන ලද පව නිසා තෙමේ කිලිටි වේ. තමා විසින් පවක් නොකරන ලද නම් තෙමේම පිරිසිදු වෙයි. ශුද්ධි අශුද්ධි දෙක තම තමන්කෙරෙහි මය. අනිකෙක් අනිකෙකු පිරිසිදු නොකරයි.