ධම්මපදය - චිත්ත වග්ගය
ඵන්දනං චපලං චිත්තං
දුරක්ඛං දුන්නිවාරයං
උජුං කරොති මෙධාවී
උසුකාරොව තෙජනං
නුවණැති පුද්ගලයා එහා මෙහා පනින්නා වූ, එක් තැනෙක නො නවතින්නා වූ, රැකීමට අපහසු වූ, වැළැක්වීමට අපහසු වූ, සිත ඇද හැර කෙළින් කරයි, (කුමක් මෙන් ද?) ඊතල සාදන්නා ඊයේ ඇද හැර සෘජු කරන්නාක් මෙනි.